Header Ads

උණුසුම් පුවත්

වාහන ආනයනය සීමා ලිහිල් කිරීම කල්යයි


රථවාහන ඇතුළු භාණ්ඩ ආනයනය සඳහා දැනට පවතින සීමා ලිහිල් කිරීමට තවමත් හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා කොළඹ මහ බැංකු මුලස්තානයේදී ඊයේ (12) උදේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියා.

එසේ ආනයන සීමා ලිහිල් කිරීමට තරම් ප්‍රමාණවත් වන පරිදි ගෙවුම් ශේෂයේ තත්ත්වය හැඩගැසී නොමැති බව ද පැවසූ මහ බැංකු අධිපතිවරයා මේ නිසා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා තවදුරටත් පවත්වාගෙන යා යුතු බව සදහන් කළා.