Header Ads

උණුසුම් පුවත්

බොරැල්ලෙන් නීති විරෝධී රසායානාගාර උපකරණ අලෙවි ආයතනයක් වටලයි


බොරැල්ල ගෝතමීපාර ප්‍රදේශයේ වසර 15 ක කාළයක් තිස්සේ නීති විරෝධී ආකාරයෙන් පවත්වාගෙන ගිය වෛද්‍ය රසායානාගාර උපකරණ අලෙවි  ආයතනයක් වැටලීමට පොලිසිය සමත්වී තිබෙනවා.ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිළධාරින්හා පොලීසිය එක්ව ඊයේ (12) මෙම වැටලීම කර තිබෙනවා. මෙම නීති විරෝධී ආයතනය හරහා කොළඹ ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශවල පෞද්ගලික රෝහල් හා රසායානගාර වලට උපකරණ ඛෙදාහැරීම සිදුකර ඇති බව විමර්ශණවලදී අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම මෙම ආයතනය සතුව තිබී කල් ඉකුත්වූ රසායානාගාර උපකරණ තොගයක්ද පොලිසිය භාරයට ගෙන ඇ අතර අදාල නීති විරෝධි ආයතනය මුද්‍රා තැබීමට පොලිසිය කටයුතු කර  එහි හිමිකරු අත්අඩංගුවට ගෙන බැඳුම්කරයක් මත මුදාහැර ඇති බව පොලිසිය සඳහන් කළා.