බත් පිඟානේ වැඩිපුරම බත්
තිබුණද ,එහි රසය වැඩිකරනුයේ පුංචි,පුංචි එළවළු බවත්, බත් කාලා නොමැති අය මේ පිළිබඳව
නොදන්නා බවත් උපහාසාත්මක ප්‍රකාශයක් මාධ්‍ය හමුවේ සිදුකරමින් පිවිතුරු හෙළ උරුමයේ
නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ
සන්ධානයකට වුවද රසය ගෙනෙනුයේ ඒ් සමග සිටින අනිකුත් පක්ෂ බවයි.
එහෙත් ඇතැම් මන්ත්‍රීවරුන්ට
ඒ් පිළිබඳව අවබෝධයක් නොමැති බවද ඔහු පැවසුවා.
සන්ධානයක් තුල නිරන්තර
අභ්‍යන්තර සාකච්චා තිබිය යුතු බව පෙන්වා දුන් ඇමතිවරයා ළඟදීම ඒ් සඳහා අවස්ථාවක්
ලැබෙන ඇතැයි තමන් අපේක්ෂාකරන බවද කියා සිටියා.
ජනතාව වෙනුවෙන් තමන් සහ
විමල් වීරවංශ අමාත්‍යවරයා මැතිවරණයේදී ලබා දුන් ලිඛිත පොරොන්දුව එලෙසම රකින බවට ප්‍රකාශකල
ගමන්පිල මහතා රට රකිනවා යනු පොහොට්ටුව රකිනවා යන්නයි ලෙසය වැඩිදුරටත් පැවසුවා.