Header Ads

උණුසුම් පුවත්

මෙරට කාන්තාවන් දුම් පානය කරන අලුත්ම ක්‍රමයක් ගැන හෙළිදරව්වක්



මෙරට කාන්තා ජනගහනයෙන් පහෙන් එකක් අක්‍රිය දුම්පානය සඳහා යොමුවන බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ පවසනවා.

ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

කාන්තාවන් ඍජුවම දුම්පානය සිදු නොකළද, එවැනි පුද්ගලයින් ආශ්‍රය කිරීම තුළින් සිදුවන ආඝ්‍රහණය මෙම තත්ත්වයට වැඩි වශයෙන් බලපා ඇති බවයි එහිදී වෛද්‍යවරයා සඳහන් කළේ.