Header Ads

උණුසුම් පුවත්

නිරෝධායන නීති උල්ලංඝනය කළ ආයතන 1400 කට එරෙහිව නඩු


සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් නිරෝධායන නීති උල්ලංඝනය කළ ආයතන 1400 කට එරෙහිව නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන මහතා සදහන් කළා. කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමඟ සෞඛ්‍ය අංශ විසින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පවත්වාගෙන යාමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය නිර්දේශ රැසක් හඳුන්වා දුන්නද එම නිර්දේශ පිලිනොපදින ආයතන වලට එරෙහිව මෙලෙස නඩු පවරා ඇතිබව අජිත් රෝහන මහතා වැඩිදුරටත් සදහන් කළා.