බිබිල – බදුල්ල ගම්මන ප්‍රදේශයේ පදිංචි මවක් සිය තුන් හැවිරිදි දියණියද සමඟ ඊයේ (21) රාත්‍රීයේ ළිඳකට පැන සියදිවි හානිකරගෙන ඇතැයි බිබිල පොලීසිය පවසයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ, බදුල්ලගම්මන බෙරලියවත්ත පදිංචි 24 හැවිරිදි ඩී.එම් නදීකා ප්‍රියදර්ශනී නමැති මවක සහ ටී.නෙත්සා දෙව්මිනී නැමති දැරියකි.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම කාන්තාව සිය දියණිය සමඟ නිවස අසල පිහිටි අඩි 40ක් පමණ ගැඹුරු ළිඳට පැන තිබේ. මව සහ දියණිය ළිඳ තුළ මියගොස් සිටිනු දැක ඥාතීන් විසින් බිබිල පොලීසියට දැනුම්දී ඇත.
මියගිය කාන්තාවගේ සැමියා යුද හමුදා සෙබලෙකු බවට අනාවරණයවී තිබේ.
මෙම මරණ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය බිබිල මහේස්ත්‍රාත් චතුර ප්‍රසන්න අමරතුංග මහතා විසින් අද (22) පැවැත්වීමට නියමිතය.




