ඉදිරියේදි පානීය ජල සැපයුමට බාධා එල්ල වීය හැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.දිවයිනේ ප්‍රදේශ රැසක පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙනඇති බව සදහන්.
ප්‍රධාන ජලාශ හා පානීය ජලය ලබාගන්නා ජල මූලාශ්‍ර සිඳී පවතින බැවින් පානීය ජලය ලබාදීම සීමා කිරීමට ඒ අනූව සිදුව ඇති බව එම මණ්ඩලය පෙන්වා දෙයි
පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාගැනීම සඳහා පැය 24 පුරා අඛණ්ඩව ජලය බෙදාහැරීම සීමා කිරීමට සිදුවන අතර මෙම තත්ත්වය තුළ උස් බිම්වල වෙසෙන පාරිභෝගිකයින් සඳහා ජලය බෙදාහැරිමේදී අඩු පීඩන තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන් වේ.
පවතින තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩය ජල පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.




