වන හානිය වැළැක්වීමේ පියවරක් වශයෙන් ශ්‍රී ලංකාවේ සංවේදී පාරිසරික ප්‍රදේශ හඳුනා ගැනීමේ වැඩ පිළිවෙළක්


වන හානිය වැළැක්වීමේ පියවරක් වශයෙන් ශ්‍රී ලංකාවේ සංවේදී පාරිසරික ප්‍රදේශ හඳුනා ගැනීමේ වැඩ පිළිවෙළක් පරිසර අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇතැයි ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

රජය විසින් වගාවට සුදුසු බවට තහවුරු කර එවැනි ඉඩම් වගා කටයුතු සඳහා යොදා ගැනීමට ග්‍රාමීය ගොවි ජනතාවට ඉඩකඩ සලසන ලෙස රජය විසින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී තිබේ. නමුත් එම වැඩ පිළීවෙළ ක්‍රියාත්මක කිරීමේ දී යම් යම් පරිසර හානි සිදුවන බවට තොරතුරු ඇති හෙයින් වන විනාශයන් වැළැක්වීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් මෙන්ම රජය ද පියවර රැසක් ගනිමින් සිටින බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

ඇතැම් පුද්ගලයින්ගේ මැදිහත්වීමෙන් සිදුවන වන හානි වැළැක්වීමට ගනු ලබන එක් පියවරක් වශයෙන් දිවයිනේ පිහිටි සංවේදී පරිසර ප්‍රදේශ හඳුනා ගැනීමේ වැඩ සටහනක් පරිසර අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ. එසේ හඳුනා ගන්නා ප්‍රදේශ පිළිබඳව ඒ ඒ ප්‍රදේශ අයත් වන ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුම්වත් කරන අතර වගා කිරීම සඳහා ඉඩම් හඳුනා ගැනීමේ දී පරිසර අමාත්‍යාංශය විසින් සංවේදී පරිසර ප්‍රදේශ ලෙස නම් කරන ස්ථානවල ඉඩම් වගාව සඳහා යොදා ගැනීම වළක්වා ගත හැකි යැයි වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වගාව සඳහා ඉඩම් ලබා දෙන ලෙස වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉඩම් ඉල්ලා ඇතැයි සමහර තැනැත්තන් විසින් කර ඇති ප්‍රකාශ පිළීනොගන්නා බව කී ලේකම් වරයා දිවයිනේ වගාවට යොදා ගත හැකි එහෙත් හායනයට ලක් වු එමෙන්ම භාවිතයට නොගත් බොහෝ ඉඩම් ඇති බව සඳහන් කළේය.

වගාවට යොදා නොගත් මෙන්ම වනාන්තර හෝ කැළෑවලට ද අයත් නොවන ඉඩම් රැසක් රට පුරා දක්නට ලැබේ. වැවිළි සංස්ථාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය හා දුම්රිය දෙපාර්තමේන්තුව වැනි ආයතන සතුව වගා නොකළ හායනයට ලක් වු ඉඩම් රැසක් ද ඒ අතර වේ.

මේ සියල්ලම වගාව සඳහා යොදා ගැනීමේ හැකියාව තිබේ. එසේ තිබිය දී වගාවට කැළෑ ඉඩම් ඉල්ලන්නේ කවර හේතුවක් නිසාදැයි ලේකම්වරයා විමසීය. එමෙන්ම අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව 2025 වන විට ශ්‍රී ලංකාවේ වනවැස්ම සියයට 30ක් දක්වාත්, අපේ රට පැරිස් ගිවිසුමට අත්සන් තබා ඇති පරිදි 2030 වන විට මෙරට වන වැස්ම සියයට 32ක් දක්වා නැංවීමටත් රජයට වගකීමක් ඇති බැවින් වගා කිරීම සඳහා කැළෑ ඉඩම් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලීමක් කර ඇතැයි යන්න තමන් පිළිනොගන්නා බව ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: වන හානිය වැළැක්වීමේ පියවරක් වශයෙන් ශ්‍රී ලංකාවේ සංවේදී පාරිසරික ප්‍රදේශ හඳුනා ගැනීමේ වැඩ පිළිවෙළක්
වන හානිය වැළැක්වීමේ පියවරක් වශයෙන් ශ්‍රී ලංකාවේ සංවේදී පාරිසරික ප්‍රදේශ හඳුනා ගැනීමේ වැඩ පිළිවෙළක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgCZz-0GrT7wbT2OBXnWZmMkQGrdxHVBpq9ye_uiCtIE70NgfU7NX9DBVc2_Pa6D7qKv5TdAbqmSyrD4g0ky0nSjx27w-aLufgfeWdRREq85fUrWPm4P1CvZSx2neOOYBEAhrJpI84ZV9I/s16000/8351798bff1a8174a31b33633285907e_XL.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgCZz-0GrT7wbT2OBXnWZmMkQGrdxHVBpq9ye_uiCtIE70NgfU7NX9DBVc2_Pa6D7qKv5TdAbqmSyrD4g0ky0nSjx27w-aLufgfeWdRREq85fUrWPm4P1CvZSx2neOOYBEAhrJpI84ZV9I/s72-c/8351798bff1a8174a31b33633285907e_XL.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/02/blog-post_805.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/02/blog-post_805.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content