විදෙස් රටවල් කිහිපයකින් පැමිණ නිරෝධායනයට රැගෙන ආ ශ්‍රී ලාංකිකයින් 19දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
මැදපෙරදිග ඇතුලු විදෙස් රටවලින් පැමිණි ශ්‍රීලාංකිකයින් 475 දෙනෙකු යාපනය පලාලි වාසවිලාන් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ඒමෙන් පසුව එම පිරිසෙන් කොටසකට පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර ඇත.
එම පී.සී.ආර් පරීක්ෂණයෙන් 9 දෙනෙකු කොරෝනා ආසාදිතයින් වශයෙන් අද (18) දින හඳුනාගත් බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
නිරෝධායනයට පැමිණි සෙසු පිරිස්ද පී.සී.ආර් පරික්ෂණයට යොමු කොට ඇති අතර එහි වාර්ථාද ඉදිරියේදී ලැබීමට නියමිත බව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
කොරෝනා ආසාදිත පිරිස් කෝපායි රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇති අතර සෙසු පිරිස් නිරෝධායනය කිරීමට නාවික හමුදාව ඇතුලු සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.