Header Ads

උණුසුම් පුවත්

අද තවත් 591 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් යයි


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 591 දෙනෙකු අද (10) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 65,644ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සම්පූර්ණ රෝගීන් ගණන 71,211ක් වන අතර මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 5,197කි.