Header Ads

උණුසුම් පුවත්

පළාත් සභා මැතිවරණය ගැන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගෙන් ඉගියක්


ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමෙන් අනතුරුව මාස දෙකක් වැනි කාලයක් තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජි. පුංචිහේවා මහතා පවසයි. ඒ මහතා මේබව සදහන් කළේ මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

මැතිවරණ කොමිෂන් සභාවේ ස්ථාවරයද පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව ද පුංචිහේවා මහතා සඳහන් කළේය.