Header Ads

උණුසුම් පුවත්

කොරෝනා මෘතදේහ මිහිදන් කිරීමට අවසර දීම පිළිබද පාකිස්තාන අගමැතිගේ ප්‍රසාදය


කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමට ශ්‍රී ලංකා රජය අවසර දීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් සහතිකයක් ලබාදීම තමන් සාදරයෙන් පිළිගන්නා බවයි. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලබන 22 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත අතර, ඔහු මෙරට පාර්ලිමේන්තුවද අමතීමට නියමිතයි.