Header Ads

උණුසුම් පුවත්

ලෝක සෞඛ්‍ය සංවිධානය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතට ලොවටම නිර්දේශ කරයි


බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවි - ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් 19 එන්නත, නව කොරෝනා වෛරස් ප්‍රභේදය පවතින රටවල් ඇතුළු සියලු රටවල් හා වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් සඳහාද  අනුමත කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයකර තිබෙනවා. ඇස්ට්‍රාසෙනෙකා එන්නත දකුණු අප්‍රිකානු කොරෝනා වෛරස් ප්‍රභේදයට නිසි රැකවරණයක් ලබා නොදෙන බව පවසමින් එය භාවිත කිරීම අත්හිටුවීමට එරට තීරණය කරනු ලැබුවා. එමෙන්ම, ජර්මනිය සහ ප්‍රංශය ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්ට භාවිත නොකරන ලෙස උපදෙස් ලබාදී තිබුණා. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත්කරණ වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය කැතරින් ඕබ්‍රයන් ප්‍රකාශ කළේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත වයස්ගත පුද්ගලයින් තුළද තරුණ පුද්ගලයින්ට සමාන ප්‍රතිශක්තියක් ගොඩනගන බවයි.