'Made in Sri Lanka වෙළඳ ප්‍රදර්ශනයට පැමිණ දේශීය නිෂ්පාදකයා දිරිගන්වන්න


පෙබරවාරි 13 සහ 14 දෙදින කොළඹ 07, පදනම් මාවතේ ඉදිරිපිට පැවැත්වෙන 'Made in Sri Lanka වෙළඳ ප්‍රදර්ශනය 2021' වෙත පැමිණ දේශීය නිෂ්පාදකයා දිරිගන්වමින් ඔවුන්ගේ නිෂ්පාදනවල වටිනාකම උරගා බලන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා දේශීයත්වය අගය කරන සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියා.

අද (11) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනය ඉදිරිපිට පදනම් මාවතේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙලෙස අදහස් දැක්වුවා.

"ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' සන්නාමය මීට සති 6කට පමණ පෙර ජනගත කරනු ලැබුවා. මේ වන විට 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' සන්නාමය ලබාගෙන ඇති සහ ඉදිරියේ දී ලබා ගැනීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයන්ට පුළුල් වෙළඳපොළක් නිර්මාණය කරදීම කර්මාන්ත අමාත්‍යාංශය සතු වගකීමක්. ඒ වගේම අපගේ අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ඒ සඳහා සුවිශේෂී ප්‍රමුඛතාවක් ලබා දී කටයුතු කරනවා. එහිදී මේඩ් ශ්‍රී ලංකා සන්නාමය ලබාගෙන ඇති සහ ඉදිරියේදී  එය ලබා ගැනීමට නියමිත නිෂ්පාදන සඳහා පුළුල් වෙළඳපොළක් නිර්මාණය කරදීමට 'මේඩ් ඉන් ශ්‍රී ලංකා වෙළඳ ප්‍රදර්ශනයක්' අප අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය අනුග්‍රාහකත්වයෙන් පැවැත්වීමට සූදානම්ව සිටිනවා. 'Made in Sri Lanka Trade Fair 2021' ලෙස නම් කර ඇති එම වෙළෙඳ ප්‍රදර්ශනය පෙබරවාරි 13 සහ 14 යන දෙදින පුරා උදේ 10:00 සිට රාත්‍රී 8:00 දක්වා කොළඹ පදනම් මාවත දෙපස සෞඛ්‍ය බලධාරීන් විසින් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වීමට නියමිතයි. මෙහිදී නාගරික ජනතාවට උසස් ප්‍රමිතියෙන් යුතු දේශීය නිෂ්පාදනය මිලදී ගැනීමේ ඉඩකඩ ලැබෙනවා.

 

ඉවක් බවක් නොමැතිව පිටරට භාණ්ඩ නොගෙන්වීමේ අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනුව දේශීය නිෂ්පාදකයන් පෙර නොවූ විරූ උනන්දුවකින් මෙතෙක් කලක් අවධානය යොමු නොවූ නිෂ්පාදන ක්ෂේත්‍රවලට පවා යොමු වෙමින් ඉහළ ප්‍රමිතියෙන් යුත් භාණ්ඩ නිපදවීමට පෙළඹී සිටිනවා. එය තුළ ඇතිවී තිබෙන උනන්දුව සහ විශ්වාසය තවදුරටත් වඩවාලන්න මෙම 'මේඩ් ඉන් ශ්‍රී ලංකා වෙළඳ ප්‍රදර්ශනය 2021' උපකාරී වේවි. ඒ නිසා නාගරික ජනතාවට පමණක් නොවෙයි අපි මේ රටේ දේශීයත්වය අගය කරන සියලු ජනතාවට ඇරයුම් කරනවා ' එම වෙළඳ සැණකෙළියට පැමිණෙන්න. එමගින් දේශීය නිෂ්පාදකයාව දිරිගන්වන්න. ඔවුන්ගේ නිෂ්පාදනවලට තිබෙන වටිනාකම උරගා බලන්න' කියා.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා,

" පාස්කු ප්‍රහාරයෙන් පසුව සහ කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවුණා. මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාමය හඳුන්වාදීම, එමගින් දේශීය නිෂ්පාදකයන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් හඳුන්වා දීම අප මුල් අදියරේ දී සිදු කරනු ලැබුවා. 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' සංකල්පය හඳුන්වා දීමේ වැඩපිළිවෙළ දෙවන අදියර යටතේ තමයි, මෙම මේඩ් ඉන් ශ්‍රී ලංකා වෙළද ප්‍රදර්ශනය පවත්වනු ලබන්නේ. මේක වෙනදා පවත්වනු ලබන සාම්ප්‍රදායික වෙළඳ ප්‍රදර්ශනයක් නොවෙයි. මෙමඟින් ව්‍යාපාරිකයා සහ පාරිභෝගිකයා හමුවීම වෙනුවට ව්‍යාපාරිකයා සහ තවත් ව්‍යාපාරික අවස්ථා හඳුන්වා දෙනවා. මෙවැනි වෙළඳ ප්‍රදර්ශන එකක් නොව වසර පුරා ඉදිරියේදී කිහිපයක්ම පැවැත්වීමට කටයුතු කරනවා" යනුවෙන් පැවසීය.



Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: 'Made in Sri Lanka වෙළඳ ප්‍රදර්ශනයට පැමිණ දේශීය නිෂ්පාදකයා දිරිගන්වන්න
'Made in Sri Lanka වෙළඳ ප්‍රදර්ශනයට පැමිණ දේශීය නිෂ්පාදකයා දිරිගන්වන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg4AhRQUzimK2OvKH1ZzTwJ24oWQjEh6ym4nHXfrdZp8WFjFzwydsZ4-Vfyv5ybWbBnEs5dviwqk223I9Ktyz208xmVlRwagJgV5wkivLRjopNYzhg8ofrjx7w5aHTgKRkXOWsasgvDgSo/s16000/IMG_0719.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg4AhRQUzimK2OvKH1ZzTwJ24oWQjEh6ym4nHXfrdZp8WFjFzwydsZ4-Vfyv5ybWbBnEs5dviwqk223I9Ktyz208xmVlRwagJgV5wkivLRjopNYzhg8ofrjx7w5aHTgKRkXOWsasgvDgSo/s72-c/IMG_0719.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/02/made-in-sri-lanka.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/02/made-in-sri-lanka.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content