විදුලිබල
පහසුකම් නැති සියලුම ග්‍රාමීය නිවාසවලට විදුලිය සපයන “දැයට එළිය” වැඩසටහන අද ආරම්භ කෙරිණි.
ඒ් අද (06) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ගිරිබාව, වේරගල ගම්මානයේ දී “ගම සමග පිළිසඳරට” සමගාමීවයි.
“දැයට එළිය” වැඩසටහන මගින් විදුලිය නැති සමෘද්ධිලාභී සහ සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටින සියලුම අඩු අදායම් ලාභි ජනතාවට විදුලිය සැපයේ.
විදුලිබල මණ්ඩලය නොමිලයේ විදුලි සබඳතාව ලබාදෙයි.
ඊට අවශ්‍ය නිවසේ කටයුතු සිදුකිරීමට සමෘද්ධි බැංකුව සහන පොලියට ණය පහසුකම් සැපයීමට සැලසුම් කර තිබේ.
මේ වසර අවසානයට පෙර හඳුනාගත් සියලු නිවාසවලට විදුලිය දීමට රජය අපේක්ෂා කරයි.
මේ
අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදීමට කටයුතු
කරන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
වැඩිදුරටත්
අදහස් දැක්වූ ජනාධිපතිවරයා
"ජනාධිපති කොමිසමක් පත්කරලා,
මේ වාර්තාවක් දුන්න නේ.
මම දැක්කා සමහර දේශපාලන අය මේකෙන් ප්‍රයෝජන ගන්න හදනවා,
අපේ පිටින් දාලා. ගිය
ජනාධිපතිතුමා තමයි පත් කළේ. කොමිසම් සභාව විවිධ අවස්ථාවලදී පැහැදිලිවම කාටද මේකේ
වගකීම දිය යුත්තේ කියන එක කියලා තියෙනවා. මේකේ අවසානයේ කියනවා 2015 සිට රජය ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබා නොදෙන ලදි. ඊට පස්සේ
කියනවා අකාර්යක්ෂම රජය, අප්‍රේල් 21 සිදුවූ සිදුවීම් සඳහා ප්‍රධාන සාධකයක් විය. මෙම ඛේදවාචකයට
ජනාධිපති සිරිසේන සහ අග්‍රාමාත්‍යවරයා පමණක් නොව රජය වගකිව යුතුය. මේ රජයේම හිටිය
අය දැන් ඇවිත් කතා කරන්නේ රජයේ හිටියේ නෑ වගේ. මේ සිද්ධියට අපේ රජය වගකිවයුතුයි
කියන අභූත චෝදනාව අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ අයට දඬුවම් දෙන එක,
අපේ රජයේ සහ අපේ වගකීම.
ඒක නිසියාකාරව කරනවා. අපි ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීලා තියෙනවා." යනුවෙනි.