කඩුවෙල රණාල මැටි ආශ්‍රිත කර්මාන්ත ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ අදහස් පැවසීය.
වැඩිදුරටත් අදහස්
දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා.
"ගෝඨාභය රාජපක්ෂ
මැතිතුමන් හා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් යුත් අපේ ආණ්ඩුව මේ සාම්ප්‍රදායික
කර්මාන්ත නගාසිටුවීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා.
එවැනි අවධානයක් යොමු කර ඇති නිසා තමයි අපට මේ
ගම්මානයට පැමිණ, 'මෙම මැටි ආශ්‍රිත කර්මාන්තය අනාගත පරපුරටත් උරුම කරදීම සඳහා කළ
යුත්තේ කුමක්ද?' කියා මෙසේ සාකච්ඡා කිරීමට හැකිව තිබෙන්නේ.
මෙම කර්මාන්තය ඉදිරියට ගෙන යා හැකි අන්දමින් අදාළ
කටයුතු සඳහා මේ වසර තුළදී රුපියල් ලක්ෂ 200ක් යෙදවීමට අපි මේ වනවිට කටයුතු යොදා
තිබෙනවා.
කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුවක් බලාපොරොත්තු
වන විට මහා පරිමාණ කර්මාන්තවල ප්‍රවර්ධනය මෙන්ම ග්‍රාමීය ජන ජීවිතය සමග තදින්
බැඳුණු මෙවැනි සාම්ප්‍රදායික කර්මාන්ත ආරක්ෂා කිරීම ද අත්‍යවශ්‍ය වෙනවා. ලෝකයේ
දියුණු රටවල් තාක්ෂණය අතින් ඉතා ඉහළින් සිටියත් ඒහා සමගාමීව තම රටේ සාම්ප්‍රදායික
කර්මාන්ත ඉදිරියට ගෙන යාම අද පවතින ප්‍රවණතාවක් බවට
පත්ව ඇත්තේ ඒ නිසයි.
සාම්ප්‍රදායික කර්මාන්ත තුළින් නිෂ්පාදනය
කෙරෙන භාණ්ඩවලට තිබෙන වෙළෙඳපොළ අවකාශය කිසිවිටෙක අහිමි වන්නේ නැහැ. නිදසුනක්
ලෙස පන්සල, පල්ලිය, කෝවිල පවතින තෙක් මැටි පහනට තිබෙන ඉල්ලුම නැති වෙන්නෙ නැහැ.” .