බස්නාහිර පළාත ඇතුළු සමස්ත දිවයිනේ සියලු පාසල් ආරම්භ වෙයි




බස්නාහිර පළාත ඇතුළු සමස්ත දිවයිනේ සියලු පාසල් අද (29) ආරම්භ වෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස්වලට යටත්ව මෙම ආරම්භ කිරීම සිදුවන අතර සියලු පාසල්වලට කොවිඩ්-19 වසංගතය හමුවේ ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අඳාළ උපදෙස් නිකුත් කර තිබේ.

2021 වර්ෂය සඳහා බස්නාහිර පළාතේ පිහිටි රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණිය ඇතුළු මෙතෙක් ආරම්භ නොකළ අනෙකුත් ශ්‍රේණි 29වන දින ආරම්භ කිරීමට අදාළ විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින් පලාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කොටඨාස භාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපති හිමිවරුන් සහ විදුහල්පතිවරුන් ආමන්ත්‍රණය කරමින් නිකුත් කර ඇත.

ඒ අනුව මෙතෙක් ආරම්භ නොකළ ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ සියලු ම පාසල් 2021/03/ 29වන දින ආරම්භ කෙරෙන අතර යම් ප්‍රදේශයක් හුදෙකලා කළ හොත් අදාළ කාල සීමාව ඉකුත් වන තෙක් එම ප්‍රදේශයේ පාසල් පමණක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ යුතු බව සඳහන්කොට තිබේ.

සෞඛ්‍යාරක්ෂිත ස්ථානයක් ලෙස, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා පාසල් සූදානම් කිරීම හෙට දින එනම් 2021/03/26 දින සිට 2021/03/28 දක්වා දින 03 වෙන්කොට තිබේ. නැවත පාසල් පරිසරයට දරුවන් අනුගත කර ඔවුන්ගේ මානසික සෞඛ්‍යය ඔප්නැංවීමට සුදුසු ක්‍රියාකාරකම් කිරීමට මූලිකත්වය ලබා දෙමින් පාසල ආරම්භ කළ වහා ම විභාග කටයුතු සහ තරඟ සඳහා දරුවන් යොමු කිරීමට යෝග්‍ය නොවන බැව් වැඩිදුරටත් අවධාරණයකොට තිබේ.

එමෙන් ම පුද්ගල දූරස්ථභාවය ආරක්ෂා වන සේ පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සටහනක් ද ඇතුළත්කොට තිබේ. ඒ අනුව සිසුන් 15 දක්වා සිටින පන්ති සතියේ සෑම දිනක ම පැවැත්විය යුතු වේ. සිසුන් 16 සිට 30 දක්වා සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පන්ති පැවැත්විය යුතු වේ. සිසුන් 30ට වැඩියෙන් සිටින පන්ති කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වන සේ පන්ති පැවැත්විය යුතු ය.

අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩල පාසලට කැඳවීම සම්බන්ධයෙන් එම චක්‍රලේඛයට අනුව ශිෂ්‍ය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නැවත යථා පරිදි ආරම්භ වන බැවින් ඔවුන් සියලු දෙනා සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කල යුතු බැව් සඳහන් ය.

අදාළ මාර්ගෝපදේශයන් අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ (www.moe.gov.lk) පළකොට ඇති බව ද එම චක්‍රලේඛයෙන් දැනුම් දී තිබේ.

ඒ අනුව සමස්ත දිවයිනේ ම පළමු වාරය සඳහා පාසල් අධ්‍යයන කටයුතු අවසන් කෙරෙනුයේ 2021/04/09 වන දින වන අතර දෙවන වාරය සඳහා නැවත ආරම්භ කිරීම 2021/04/19වන දින සිදු කෙරේ.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: බස්නාහිර පළාත ඇතුළු සමස්ත දිවයිනේ සියලු පාසල් ආරම්භ වෙයි
බස්නාහිර පළාත ඇතුළු සමස්ත දිවයිනේ සියලු පාසල් ආරම්භ වෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgUTWF2x3XKZ3xsIkCXnKhsCnJWV2Z9-7WCv1dItK465J9cImWelKQ98erJXF68bW8dXoG8i4xv0YXGRNa53nlsvxQ4cBxhpnWWBiy2DGs0x1y46SZRGEy53NIobIakDu0cs_JQtR9sr-M/s16000/image.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgUTWF2x3XKZ3xsIkCXnKhsCnJWV2Z9-7WCv1dItK465J9cImWelKQ98erJXF68bW8dXoG8i4xv0YXGRNa53nlsvxQ4cBxhpnWWBiy2DGs0x1y46SZRGEy53NIobIakDu0cs_JQtR9sr-M/s72-c/image.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/All-schools-in-island-of-.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/All-schools-in-island-of-.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content