''සඳහිරු'' මහා සෑයේ හතරැස් කොටුවේ නිධන් වස්තු තැන්පත් කරති


සඳහිරු මහා සෑයේ හතරැස් කොටුවේ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ප්‍රධානත්වයේ (28) පෙරවරුවේ අනුරාධපුර පූජා භූමියේදී පැවැත් විණි.

දශක තුනක් පුරා පැවති කුරිරු යුද්ධය අවසන් කිරීම සඳහා ජීවිතය පරිත්‍යාග කළ 29,000ක් පමණ වූ වීරෝදාර රණවිරුවන් සහ තුවාල ලැබූ සහ ආබාධිත තත්වයට පත් 14,000ක් පමණ වූ රණවිරුවන්ගේ උදාර සේවය අගය කරනු වස් මීට වසර 11ට පෙර මෙම වෛත්‍යයේ ඉදිකිරීම කටයුතු ආරම්භ කෙරුණි.

මෙහිදී අදහස් දැක් වූ ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ පැරණි රජවරු ථූපාරාමය අභයගිරිය වැනි මහ සෑ ඉදි කළාක් මෙන් අපගේ අනාගත පරපුරු වෙනුවෙන් මහා සෑයක් ඉදි කිරීම අපගේ යුතුකමක් බවයි.

අටමස්ථානාධිපති අති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදය මේ සඳහා ලැබුණු බවත් යුද්ධයේදී දිවි පිදූ සහ ආබාධිත තත්වයට පත් රණවිරුවන්ගේ දුගී දුප්පත් දෙමාපියන් මේ සඳහා දායක වූ බවද කීය. ඉර හඳ පවතින තාක්කල් රණවිරුවන් කළ ඒම උදාර සේවය අගය කිරීම වස් මෙම සෑය සඳහිරු සෑය නමින් නම් කළ බවත් මෙය කළගුණ සැළකීමේ සෑයක් බවද කිය. විවිධ ධානපතින් විසින් පරිත්‍යාග කළ කෝටි 20ට වඩා වටිනා මැණික් මංජුසා 02 මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් මේ සඳහා පූජා කර තිබේ.

සඳහිරු සෑය චෛත්‍යරාජයාණන් වහන්සේගේ පැළැඳවීමට නියමිත චූඩා මාණික්‍ය දානපති ආතර් සේනානායක මහතා විසින් අටමස්ථානාධිපති අති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වෙත භාර දීමද මෙහිදී සිදු වුණි.තැන්පත් කිරීමට නියමිත නිධන් වස්තු (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් අටමස්ථානාධිපති නායක ස්වාමින් වහන්සේ වෙත පිළිගැන් වූ අතර අනතුරුව පිරිත් සහ මංගල බෙර වාදන මධ්‍යයේ සඳහිරු සෑ ස්ථූපයේ හතරැස් කොටුවේ තැන්පත් කිරීම සිදු වුණි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මේජර් ජනරාල් නන්දන සේනාධීර මහතා, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විශාල් පිරිසක්ද, මහජන නියෝජිතයන් රැසක් සහ බැතිමතුන් විශාල සංඛ්‍යාවක් මෙම අවස්ථාවට ඒක්ව සිටියහ..



 


Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ''සඳහිරු'' මහා සෑයේ හතරැස් කොටුවේ නිධන් වස්තු තැන්පත් කරති
''සඳහිරු'' මහා සෑයේ හතරැස් කොටුවේ නිධන් වස්තු තැන්පත් කරති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0R6jUNTD6ZhgQF513mGctC6GxPEM9Dr3gC8JGAkfWDvFEki6Op4dYNQ91_EMjWWsg1-fseUzO7EL0j00chKzmrXayh5sLQHNiu33nVwSpB58AIHX0l6CfztkEchSABWCdizZDwIyCqcU/s16000/image.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0R6jUNTD6ZhgQF513mGctC6GxPEM9Dr3gC8JGAkfWDvFEki6Op4dYNQ91_EMjWWsg1-fseUzO7EL0j00chKzmrXayh5sLQHNiu33nVwSpB58AIHX0l6CfztkEchSABWCdizZDwIyCqcU/s72-c/image.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/blog-post_29.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/blog-post_29.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content