අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් සහ විභාග කාර්‍ය මණ්ඩල වල පහසුව සදහා අද (01) සිට විශේෂ බස් රථ සේවාවක් යොදවා ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතා පැවසීය.
විභාග කාල සටහන අනුව මෙම විශේෂ බස් රථ යෙදවීම සිදු කරන බව ද එම සේවාව අ.පො.ස. සා./පෙළ විභාගය අවසන් වන තෙක් ක්‍රියාත්මක ද ඔහු සඳහන් කළේය.
සිසුන්ට සහ විභාග කාර්‍ය මණ්ඩලය සදහා සේවා පහසුකම් සපයන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කර ඇති ඉල්ලීමක් මත මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක බවත් ඔහු කියා සිටියේය.
මෙයට අමතරව විභාග සිසුන් සඳහා ප්‍රවාහන ගැටලු ඇති ප්‍රදේශවලට තවත් අතිරේක බස් රථ යොදවන ලෙසට සියලුම ඩිපෝ කළමනාකරුවන් දැනුවත් කර ඇති බවද රණවක මහතා වැඩිදුරටත් පැවසීය.




