හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබූ නඩුවකට ව්‍යජ සාක්ෂි නිර්මාණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන මහත්වරුන්ගේ ඇප ඉල්ලීම් සලකා බැලීම සඳහා මේ මස 17 දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
ඒ නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර් ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම ප්‍රතිශෝධන පෙත්සම් අද කැඳවනු ලැබීමෙන පසුවයි.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් හදිසි අවශ්‍යතාවක් සැලකිල්ලට ගෙන එම පෙත්සම ගොනුකර ඇති හෙයින් එය සලකා බැලීම සඳහා ඉතාම කෙටි දිනයක් ලබා දෙන ලෙසයි.
ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු 17 වනදා කැඳවන ලෙසත් එදින ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.




