ටොම් මුඩි ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අංශයේ අධ්‍යක්ෂක තනතුරට


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙස ඔස්ට්‍රේලියානු පුහුණුකරුවකු වන ටොම් මූඩිව අද සිට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව මෙහෙයුම් සහ තීරණ ගැනීම වෙනුවෙන් පත්කරනු ලැබ සිටින තාක්ෂණික උපදේශන කමිටුව විසින් කරන ලද නිර්දේශනයකට අනුව මූඩි මහතාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. උපදේශන පදනම මත මූඩි වසර 3 ක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ගිවිසුම් ගෙන සිටින අතර ගිවිසුම් ගත දිනයේ සිට දින 300 ක කාලයක් ඔහුට අනිවාර්යය පැවැරුම් ඉටු කිරීමට සිදුවනු ඇත.

මූඩිගේ රාජකාරි අතරට අනාගත සංචාරක වැඩසටහන් විශ්ලේෂණය කිරීම, දේශීය තරගාවලියේ ව්‍යුහය, ක්‍රීඩක සුභසාධනය, අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය, පුහුණු සහ සහායක කාර්යය මණ්ඩලයේ ව්‍යුහය මෙන්ම ඉහළ කාර්යය සාධන සහ දත්ත විශ්ලේෂණයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.

55 වැනි වියේ පසුවන ටොම් මූඩි මහතා 2005 වසරේ සිට 2007 වසර දක්වා වූ කාල සීමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරමින් බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි 2007 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දක්වා ශ්‍රී ලංකා පිල රැගෙන යෑමට සමත්වූවේය.

1999 වසරේදී අවසන් වතාවට ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළ මූඩිට ශ්‍රී ලංකා ක්‍රිකට් හි ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙස පත්වීමට ප්‍රථම ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව බොහෝ අත්දැකීම් සම්භාරයක් ලබා තිබේ. ඒ අතර කැරිබියානු ප්‍රිමියර් ලීග් (සී.පී.එල්.) තරගාවලියේ ජාත්‍යන්තර ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙසත් ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙසත් කටයුතු කිරීම කැපී පෙනෙයි. මීට අමතරව ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් තරගාවලිය නියෝජනය කරනු ලබන මෙල්බර්න් රෙනගේඩ්ස් සහ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන වෝර්ක්ෂයර් ප්‍රාන්තයේත් ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කර තිබේ.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ටොම් මුඩි ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අංශයේ අධ්‍යක්ෂක තනතුරට
ටොම් මුඩි ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අංශයේ අධ්‍යක්ෂක තනතුරට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQjLaJDG6Tpl9oX_1ZKx6Pj6_l51uGsas0kbeMwIKmzJpDUMY_nTVpOAzRH7DYR2ZxA6-fJ9EfxF8F9-3SbgkFF6FZkPihkA7OAe_hZojugZJ1VMbEfy8WYIh1SMh831gKQMsiozhWFGU/s16000/unnamed+%252810%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQjLaJDG6Tpl9oX_1ZKx6Pj6_l51uGsas0kbeMwIKmzJpDUMY_nTVpOAzRH7DYR2ZxA6-fJ9EfxF8F9-3SbgkFF6FZkPihkA7OAe_hZojugZJ1VMbEfy8WYIh1SMh831gKQMsiozhWFGU/s72-c/unnamed+%252810%2529.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/blog-post_35.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/blog-post_35.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content