නව ව්‍යවස්ථාවෙන් සෞඛ්‍ය විෂය මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක සංවෘත සේවාවක් කරන්න අගමැති උපදෙස්


සෞඛ්‍ය විෂය මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක සංවෘත සේවාවක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 01 දින පස්වරුවේ දැනුම්දී තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාව අතරතුර එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කළ ඉල්ලීමට අග්‍රාමාත්‍යතුමා මෙලෙස එකඟත්වය පළ කළේය.

සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන් හමුවේ පවතින ගැටලු හා එම ගැටලු විසඳා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන යෝජනා මෙම හමුවේ දී සාකච්ඡාවට ගැණිනි.

රජයේ වෛද්‍ය පීඨයකින් මේ වනවිට බිහිවන වෛද්‍යවරුන්ගේ වයස් සීමාව බොහෝවිට අවුරුදු 28 හෝ 30කට ආසන්න වන බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව වූ යෝජනා සළකා බැලූ අග්‍රාමාත්‍යතුමා රජයේ වෛද්‍ය පීඨයකින් බිහිවන වෛද්‍යවරයෙකුගේ වයස් සීමාව අවුරුදු 22 හෝ 23 දක්වා අඩුකර ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය හා ඒකාබද්ධව වැඩපිළිවෙලක් සකස් කරන්නැයි දැනුම් දුන්නේය.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අදහස් පළ කරමින් සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදීත් උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පවත්වන නව යෝජනාවක් අමාත්‍යමණ්ඩල අනුමැතියට ලබන සතියේ යොමුකරන බව කියා සිටියේය. ඒ අනුව දරුවන්ගේ අධ්‍යාපනයට වැඩිපුර ගතවූ මාස 9යක කාලයක් අඩුකර ගැනීමට අපේක්ෂා කරන බව හෙතම පැවසීය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය විමසා බැලූ අග්‍රාමාත්‍යතුමා, වෛද්‍ය සභාව ස්වාධීනව පවත්වාගෙන යාමට කටයුතු කරන්නැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දුන්නේය.

විශේෂඥ වෛද්‍යවරුන්ට අමතරව සියලුම වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62/63 දක්වා දීර්ඝ කිරීම පිළිබඳවද මෙහිදී අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට යොමු විය. ඒ අනුව ඉදිරියේ දී අවශ්‍ය සංශෝධන සඳහා සාකච්ඡා මාර්ගයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

පාසල් දරුවන්ගේ හා වෛද්‍යවරුන්ගේ ආපන ශාලාවන් සෞඛ්‍ය ආරක්ෂිත කිරීම, පාසල් දරුවන් අතරට වේගයෙන් පැතිරයන බෝ නොවන රෝග වසංගතය මැඩලීම හා ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අධ්‍යාපන අමාත්‍යංශයට දුන් යෝජනා පිළිබඳව ද මෙහි දී අග්‍රාමාත්‍යතුමා දැනුම්වත් විය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන්වන මහාචාර්ය ජී.එල් පීරිස්, පවිත්‍රා වන්නිආරච්චි, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කේ.කපිල සී.කේ පෙරේරා, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, ජාතික වැටුප් කොමිෂන් සභාවේ ලේකම් චන්ද්‍රානි සේනාරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන්.පී.කේ රණවීර, ජාතික අය වැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, ලේකම් වෛද්‍ය එම්.ඒ්.ජේ.එස් ප්‍රනාන්දු, උප සභාපති වෛද්‍ය චන්දික

එපිටකඩුව, සංස්කාරක වෛද්‍ය එච්.පී අලුත්ගේ ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.






Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: නව ව්‍යවස්ථාවෙන් සෞඛ්‍ය විෂය මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක සංවෘත සේවාවක් කරන්න අගමැති උපදෙස්
නව ව්‍යවස්ථාවෙන් සෞඛ්‍ය විෂය මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක සංවෘත සේවාවක් කරන්න අගමැති උපදෙස්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiv7SSR5kRdW-_hnVi3j0NTFWT-YXGEAdcZbCJE7m1KgeFDuR76WUHyei2P24Q21s0xgUHPH9gAY6HCJTqimM34QLAE_548QFOveiVe4ETe714WNwvQe_MxRRQPLd9XIpMyVsEOkpmp-g4/s16000/fb863ae2-2ed3-44d9-abe7-685ac8ea10a7.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiv7SSR5kRdW-_hnVi3j0NTFWT-YXGEAdcZbCJE7m1KgeFDuR76WUHyei2P24Q21s0xgUHPH9gAY6HCJTqimM34QLAE_548QFOveiVe4ETe714WNwvQe_MxRRQPLd9XIpMyVsEOkpmp-g4/s72-c/fb863ae2-2ed3-44d9-abe7-685ac8ea10a7.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/blog-post_34.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/blog-post_34.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content