ඊයේ දිනයේ පිටකොටුව, වේල්ල වීදිය ප්‍රදේශයේ ට්‍රැවලින් බෑගයක බහා තිබී හමුවූ කාන්තා මළ සිරුර එම ස්ථානයට රුගෙන ආ ආකාරය පිළිබදව මේ වනවිට තොරතුරු අනාවරණයවී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අදාළ පුද්ගලයා විසින් 143 මාර්ග අංකය ඔස්සේ ධාවනය වන හංවැල්ල - පිටකොටුව බස් රථයක එම ගමන් මල්ල රැගෙන විත් ඇති බවය.
යම් පුද්ගලයෙකු විසින් වේල්ල වීදියේ මාර්ගයක ට්‍රැවලින් බෑගයක් තල්ලුකර ගෙන යන අයුරු එම ස්ථානයේ වු සී.සී.ටීවි දර්ශනවල සටහන්ව තිබු අතර, පොලීසිය ඒ පිළිබඳ විමර්ශන සිදුකිරීමේන් අනතුරුව ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.
ඒ අනුව අදාළ බස් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, බස් රථයේ රියදුරුගෙන් හා කොන්දොස්තරවරයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී යම් පුද්ගලයෙක් ට්‍රැවලින් බෑගයක් රැගෙන හංවැල්ල ප්‍රදේශයෙන් බස් රථයට ගොඩ වු බව සනාථ කර ගෙන තිබේ.
මේ අතර කාන්තා මළ සිරුර මේ වන විට කොළඹ, පොලිස් මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඇති අතර, අද දිනයේ දී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.




