මුතුරාජවෙල සහ ඒ ආශ්‍රිත ගම්මාන සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සහ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ලබාදුන් පොරොන්දු හිතාමතා කඩ කිරීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බලවත් අප්‍රසාදය පළ කර තිබෙනවා.
මුතුරාජවෙල හා ඒ ආශ්‍රිත ගම්මාන නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේ යෝජනාවට තමන් දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කරන බවයි අගරදගුරුතුමන් සඳහන් කළේ.පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල යන මහත්වරුන් මුතුරාජවෙලට කිසිදු ව්‍යාපෘතියක් හෝ විනාශකාරී ක්‍රියාවක් සිදුනොකරන බවට පොරොන්දු ලබාදුන්නද එම පොරොන්දු හිතාමතා කඩ කර ඇති අතර, මුතුරාජවෙල සහ ඒ ආශ්‍රිත ගම්මාන නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගන්නා බවට ද මේ වන විට නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බවද අගරදගුරු හිමිපානන් සදහන් කළා.
එබැවින් තමන්ට ලබාදුන් පොරොන්දු හිතාමතා කඩ කිරීම සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළ කරන බව නිවේදනයක් නිකුත්කරමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සදහන් කළේ.




