බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් ආසාදනය වූ බවට හඳුනාගත් රෝගීන් අතුරින් තවත් රෝගීයෙකු ඊයේ (07) රාත්‍රීයේ ජීවිතක්ෂකයට පත්ව තිබේ.
පස්සර යූරි වත්තේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මරණයට පත්ව ඇත.
මීට පෙර කොවිඩ් -19 ආසාදිත මරණ දෙකක් බදුල්ල මහ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයෙන් වාර්තා වී තිබුණු අතර මේම මරණය එම ඒකකයෙන් වාර්තා වූ තුන්වෙනි මරණය වේ.
බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවෙන් පසුගිය දිනවල කොවිඩ් -19 ආසාදිතයින් 34 දෙනෙකු හඳුනාගෙන තිබුණි.
ඒ, රෝගීන් හා ඔවුන් රැකබලා ගැනීමට රැඳී සිටි පිරිසක් මෙන්ම ගැබිනි වෛද්‍යවරියක් ඇතුළු කාර්යමණ්ඩල සාමාජිකයින් පිරිසකි.
මේ අතර පෙරේදා (06) දිනයේ සිදුකළ අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකදී තවත් ආසාදිතයින් දෙදෙනෙකු බදුල්ල මහ රෝහලෙන් වාර්තා වී තිබුණි.
පිළිකා රෝගීන්ට කොවිඩ් වෛරසය ආසාදනයවීම බරපතළ තත්ත්වයක් බවය. ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය අඩුවීම හේතුවෙන් අවදානම වැඩි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි