ඊයේ (30) දිනයේ දීත් යාපනය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් -19 ආසාදිතයින් 20 දෙනෙක් හඳුනාගෙන ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළා.
ඊයේ දිනයේ දී මෙරටින් දෛනික ආසාදිතයින් 139 දෙනෙක් වාර්තා වු අතර ඉන් 14 දෙනෙක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්.
එමෙන්ම අතර, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 39 දෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 22 දෙනෙකු සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සෙසු සියලු දිස්ත්‍රික්කවල දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 10කට අඩු සංඛ්‍යාවක් බව කොවිඩ් -19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවා.




