ඉදිරියේදී විදෙස් රටවල සිට පැමිණෙන පිරිස් සීමා කිරීමකට හෝ පාලනයකට ලක් කිරීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් අතරින් කොවිඩ් -19 ආසාදිතයින් වාර්තාවීම ඉහළයෑම හේතුවෙන් මෙම තීරණය ගත්බවයි.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 52,710 දෙනාගෙන් 1,593 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ පවතින සාධනීය තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑම සඳහා විදෙස් රටවල සිට පැමිණෙන පිරිස් කිසියම් සීමා කිරීමකට හෝ පාලනයකට ලක් කිරීමට සිදුවන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා.




