ඉන්දුනීසියාවේ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මියගොස් තිබේ.
මෙම අධික ගංවතුර තත්ත්වය ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ සිට කුඩා දූපතක් වන ටිමෝර් ලෙස්ටේ දක්වා ව්‍යාප්තව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අධික ගංවතුර තත්ත්වය හමුවේ නායයාම් තත්ත්වයක් ද හටගෙන තිබේ.
ජනතාව බේරා ගැනීම සඳහා මේ වනවිට ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මේ හේතුවෙන් දිස්ත්‍රික්ක 4කට සහ ගම්මාන 7කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.
මේ අතර පුද්ගලයින් 27 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
තවත් පුද්ගලයින් 09දෙනෙකු තුවාල ලබා රොහල්ගත කර ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.