කොළඹ නගරය ලෝකයේ පළමු රැම්සාර් තෙත්බිම් නගරය ලෙස සංවර්ධනය කිරීම සඳහා වත්මන් ජනාධිපතිතුමා දුන් දායකත්වය අගය කළ යුතුයි- පරිසර අමාත්‍ය


කොළඹ නගරය ලෝකයේ පළමු රැම්සාර් තෙත්බිම් නගරය ලෙස සංවර්ධනය කිරීම සඳහා වත්මන් ජනාධිපතිතුමා දුන් දායකත්වය අගය කළ යුතුයි- පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කොළඹ නගරය ලොව පළමු රැම්සාර් තෙත් බිම් නගරය වශයෙන් සංවර්ධනය කිරීමට කටයුතු කළේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. එතුමා ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ අවදියේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ කොළඹ නගරය අවට පිහිටි තෙත්බිම් සියල්ලම ආරක්ෂා කිරීමට හා අලංකරණය කිරීම සඳහා පියවර ගත්තා. ඒ නිසාම ලොව පළමු රුම්සාර් තෙත් බිම් නගරය වශයෙන් කොළඹ නගරය නම් කරනු ලැබුවා..

එතුමා එදා ගත් පියවර අද කිසි කෙනෙක් අගය කරන්නේ නැහැ. නමුත් එතුමා එම කටයුතු සිදු නොකළා නම් මුතුරාජවෙළට අත් වු ඉරණම ඒ තෙත් බිම්වලටත් අත්වන්නට ඉඩ තිබුනා යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ,(03) තිස්සමහාරාමයේ දී පැවැති රුක්රෝපණ වැඩ සටහනකට සහභාගි වෙමිනි. අප්‍රේල් මස 16 දිනට යෙදෙන නැකතට පැළයක් ජාතික රුක් රෝපණ නැකතේ දී රෝපණය කිරීම සඳහා පැළ වර්ග මහජනතාවට බෙදා දීම එහිදී සිදු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා-

පරිසරය ආරක්ෂා කිරීම රජයක වගකීමක් වගේම මහජනතාවටත් එහි වගකීමක් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යුතුකම් ඡේදයේ සඳහන් වන ආකාරයට රටේ සෑම පුරවැසියෙක්ම අප රටේ පරිසරය රැක ගැනීමේ වගකීමක් තිබෙනවා. ඒ නිසා රජයට පමණක් දොස් තැබීමෙන් පළක් නෑ. කිසියම් පුද්ගලයෙක් පරිසරය විනාශ කිරීමට කටයුතු කරන විට ඒ සම්බන්ධව අදාළ අංශවලට දැනුම් දීමට කටයුතු කරනවා නම් අපිට මේ පරිසර හානි වළක්වා ගැනීමට පුලුවන්.

මින් දශකයකට පෙර කොළඹ නගරය තුළ පැවැති තත්ත්වය ඔබට මතක ඇති. හැම තැනම කුණු කඳු ගොඩ ගැහිලා තිබුනා. බල්ලෝ කපුටෝ කුණු කඳුවල ඇති කුණු ඇදගෙන ගොස් හැම තැනම විසිරුවනවා. බස් එකක ඇස් දෙක පියාගෙන එන මනුස්සයෙක් කොළඹට ඇතුල් වන බව දැන ගත්තේ කැළණි පාළම උඩට එන කොට නහයට දැනුන කුණු කන්දේ දුර්ගඳෙන්.

නමුත් මේ කුණු කඳු දැන් නැහැ. ඒ වගේම මේ කුණු කඳු සියල්ලම ගොඩගැහිලා තිබුනේ තෙත් බිම් අසළ. දියවන්නාව, බෙල්ලන්විල, කිඹුලාඇළ, කොළොන්නාව, දියසරු උයන, හා බේරේ වැව දෙපස තෙත්බිම් ආශ්‍රිතව පැවැති තත්ත්වයන් මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒවා සියල්ලම දුගඳ හමන වගුරු බිම් බවට පත් වී තිබුනේ. අද මේ හැම තැනම අලංකාර පරිසරයක් සහිතව සංරක්ෂණය වෙලා. ඒ ආශ්‍රිතව මිනිසුන් බහුලව ගැවසෙනවා. ඉස්සර මේ තෙත් බිම් අස්සේ සිදුවුනේ කසිප්පු පෙරණ එක.

එහෙම නැත්නම් හොර හරක් ජාවාරම. ගංජා අලෙවි කිරීම වගේ දේවල් නමුත් අද එහෙම නැහැ. නීතිගරුක පුරවැසියන් පිරිසක් බිහිවෙන්න නම් යහපත්ආරක්ෂිත ස්වාභාවික පරිසරයක් හැදෙන්න ඕනෑ. අද කොළඹ තෙත් බිම් සියල්ලම අනාගත පරපුර සඳහා ආරක්ෂිතව තිබෙනවා. එහි පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ අතිගරු ජනාධිපතිතුමන්ට. එතුමා තරම් මේ රටේ පරිසරය සංරක්ෂණයට විදිමත් හා දැක්මක් සහිතව කටයුතු කරපු නායකයෙක් තවත් නැහැ.

අද සමාජ මාධ්‍ය තුළ එතුමාට එල්ල කරන චෝදනාවල කිසිදු පදනමක් නැහැ. ඒවා තනිකරම දේශපාලනික මඩ. පසුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළ වෙනත් රටවල සිදුවන පරිසර හානි අපේ රටේ සිදුවෙනවා යැයි සඳහන් කරමින් පළ කර තිබුනා. ඒවා අපි රටට හෙළි කළා. ඇමසන් වනයේ දැවැන්ත ඕක් ගස් කපන ඡායාරූප අපේ රටේ සිංහරාජයේ දැවැන්ත ගස් කපන බවට පළ කර තිබුනා. නමුත් සිංහරාජයේ ඕක් ගස් නැති බව අපේ රටේ ජනතාව දන්නවා.

මුතුරාජවෙළ ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපතිතුමා ඉතා හොඳ වැඩ පිළිවෙළක් යෝජනා කළා. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ එහි සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරන්න අපි තීරණය කළා. නමුත් මුතුරාජවෙළ තෙත් බිම ආරක්ෂා කර ගන්න ඕනෑ කියන අයම ඒකට විරුද්ධ වුනා. ඒ අය එමගින් සිදු කළේ මුතුරාජවෙළ විනාශ කරන ජාවාරම්කාරයින්ට සහයෝගය පළ කිරීමක් බවයි මම හිතන්නේ.

නමුත් මුතුරාජවෙළ තෙත් බිම ඇතුළේ දැන් බහුළව සිදුවන්නේ අනීතික ක්‍රියා. කසිප්පු පෙරනවා. කුඩු ජාවාරම කෙරෙනවා. මේවා ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගත් අවස්ථා ඔබ දැක තිබෙනවා. මේවා නවත්වන්න නම් සිදු කළ යුත්තේ මේ පරිසරය සංරක්ෂණය කිරීම මගින් මහජනතාව ගැවසෙන ස්ථාන බවට පත් කිරීම. මහජනතාවට පරිසරය විඳීමට ඇති අවස්ථා පුළුල් කිරීම. මෙම තෙත් බිම් පාළුවට හැරීම මගින් නීතිවිරෝධි ක්‍රියා සිදු වෙනවා.

කොහොම වුනත් අපේ රටේ පරිසරය විනාශකරන්න වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ. අපේ රටේ වනගහණය අඩුවෙන්නට අපි ඉඩ තබන්නේ නැහැ. අපි හැකි තරම් රුක්රෝපණ වැඩ සටහන් මගින් මේ රටේ රුක්ගහණය ඉදිරි වසර කිහිපය තුළ වැඩි කරනවා. නමුත් අපිට මහජනතාවගේත් සහයෝගය අවශ්‍යයි.

අප්‍රේල් මස 16 දින හොඳ රුක් රෝපණ නැකතක් උදා වෙනවා. එදින උදේ 6.40ට යෙදෙන සුබ මොහොතින් අපේ රටේ හැම ගෙවත්තකම කුමක් හෝ පැළයක් රෝපණය කරන ලෙස මම රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: කොළඹ නගරය ලෝකයේ පළමු රැම්සාර් තෙත්බිම් නගරය ලෙස සංවර්ධනය කිරීම සඳහා වත්මන් ජනාධිපතිතුමා දුන් දායකත්වය අගය කළ යුතුයි- පරිසර අමාත්‍ය
කොළඹ නගරය ලෝකයේ පළමු රැම්සාර් තෙත්බිම් නගරය ලෙස සංවර්ධනය කිරීම සඳහා වත්මන් ජනාධිපතිතුමා දුන් දායකත්වය අගය කළ යුතුයි- පරිසර අමාත්‍ය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj4fdv2OCJ5JW4d7FZuUMQ-1upe5L-c05sYI3KPtUsDEY3QTI5HAh0j37fYI-mU-BHqcWiEIpTrRxAL2j1jGg_gn9GQaaVMcDEirCJmc1FGq3ygBxwuS19DIJSn09OW72cAL1CQeAMpVj8/s16000/image.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj4fdv2OCJ5JW4d7FZuUMQ-1upe5L-c05sYI3KPtUsDEY3QTI5HAh0j37fYI-mU-BHqcWiEIpTrRxAL2j1jGg_gn9GQaaVMcDEirCJmc1FGq3ygBxwuS19DIJSn09OW72cAL1CQeAMpVj8/s72-c/image.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/04/blog-post_05.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/04/blog-post_05.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content