සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් අප්‍රේල් 13 හා 14 දෙදින සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු ර.බී. 07 බලපත්‍ර සහිත හෝටල බලපත්‍ර හා විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන හැර දිවයින පුරා පිහිටි අනෙකුත් සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් මත්පැන්හල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා විසින් නියෝග කර ඇත.
මේ මස 26 වන දිනට යෙදී ඇති බක් පුර පසලොස්වක පෝය දිනයේ දීද බලපත්‍ර වර්ගීකරණයකින් තොරව දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සියල්ලම වසා තැබීමටද සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා විසින් නියෝග කර ඇත.
මීට අදාල සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් 2021.01.25 දින නිකුත් කරන ලද ලිපියෙහි පිටපතක් මීට යා කර ඇත.
මෙම කාලසීමාව තුලසිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සදහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථනය දවසේ පැය 24 පුරාවට මහජනතාව සදහා විවෘතව තැබෙනු ඇත.