වරාය ආරක්ෂක අංශය ප්‍රතිසංවිධානය කර තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා සඳහන් කර තිබේ.
මින් පෙර වරයේ නාකොටික් කාර්යාලයක් පිහිටුවා නැති අතර මේ වන විට වරාය තුළ ඉතා සාර්ථක මෙහෙයුම් ගණනාවක් සිදු කර තිබෙන බවද සඳහන් කර ඇත.
ඒ මගින් විශාල ලෙස සිදුවන අක්‍රමිකතා වංචා සහ හොරකම් නවත්වා දැමීමට හැකිව ඇති බවද පවසයි.
මේ අතර වසංගතය හමුවේ වුවද 2021 පළමු කාර්තුවේදී සාර්ථක ආදායමක් ලබාගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමත් වූ බව ද වරාය අධිකාරියේ සභාපතිවරයා සඳහන් කරයි.
විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා,
“කිසිදු දිනක වරායේ නාකොටික් කාර්යාලයක් පිහිටුවා තිබුණේ නැහැ .මේ වනවිට නාකොටික් කාර්යාලයක් වරාය තුළ පිහිටුවා තිබෙන අතර එය ක්‍රියාත්මක වී මේ වන විට ඉතා සාර්ථක මෙහෙයුම් ගණනාවක් සිදු කර තිබෙනවා ඒ වගේම රේගු ආශ්‍රිතව සිදුවන කටයුතු නිරීක්ෂණය කිරීමටත් වරාය තුළ සිදුවන කටයුතු නිරීක්ෂණය කිරීමටත් රාජ්‍ය බුද්ධි අංශ කාර්යාලයක් ද ඉතිහාසයේ ප්‍රථම වතාවට වරාය තුළ ස්ථාපිත කළ තිබෙනවා ඒ මගින් විශාල ලෙස සිදුවන අක්‍රමිකතා වංචා සහ හොරකම් නවත්වා දැමීමට හැකි වෙලා තිබෙනවා”.