ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ක්‍රියාශීලීම රට බවට පත්කිරීම ඉලක්කයයි - අමාත්‍ය නාමල් රාජපක්ෂ


ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ක්‍රියාශීලීම රට බවට පත්කිරීමේ ඉලක්කය සපුරා ගැනීමෙන් හොඳ ජීවන රටාවක් සහ පවුල් සංස්කෘතියක් නැවත වතාවක් අපේ රටේ ඉස්මතුකර ගැනීමට බලාපොරොත්තුවන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, ලංකා ස්පෝට්ස් රයිසන් (LSR) ආයතනය සමඟ එක්ව සංවිධානය කරන නවතම වැඩසටහන වන "ෆැමිලි රන් සැටර්ඩේ (Family Run Saturday)" පිළිබදව දැනුවත් කිරීමට අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ (05) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින් මෙසේද පැවසීය.

"පසුගිය කාල සීමාව තුළ අලුත් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වුණා. අපි පටන් ගත්තේ "සයිකල් සන්ඩේ" වැඩසටහනෙන්. ශ්‍රී ලංකා පොලීසියේ සහයෝගය ඇතිව ඉතාමත් හොදින් "සයිකල් සන්ඩේ" වැඩසටහන ක්‍රියාත්මක වෙනවා වගේම අද වන විට ලංකාව පුරාම ඒ් ගැන විශාල ප්‍රබෝධයක් ඇතිවෙලා තිබෙනවා. එය මනාව ඔප්පු වුණා පසුගිය දිනවල අපි කතරගම නගරයේ සංවිධානය කරපු 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වු පා පැදි තරගාවලියට සහභාගීවූ පිරිස දිහා බැලුවාම.

රටේ සෑම ප්‍රදේශයකම තරුණ, වැඩිහිටි අය පා පැදි ධාවනය සදහා යොමු වූ බවත්, ඇලුම්කරන බවත් ඔප්පුවීගෙන යනවා. ඒ තුළින් අපි ක්‍රියාශීලී සමාජයක් ගොඩනගනවා වගේම අපිට අමතකවෙලා තිබුණු බයිසිකල් හදන විංකල් ටිකත් නැවත වැඩ පටන් අරගෙන තියෙනවා. ක්‍රීඩාව නංවනකොට ඒ හා බැදුණු ආර්ථිකමය වටිනාකම් සහිත පරිසරය තමයි මේ ගොඩනැගෙන්නේ."

"අපි ඒ සමඟම ආරම්භ කළා "ෆුට්බෝල් ෆ්‍රයිඩේ" වැඩසටහන. මේ වන විට සයිකල් සන්ඩේ වැඩසටහනට නොදෙවෙනිව "ෆුට්බෝල් ෆ්‍රයිඩේ" වැඩසටහන ප්‍රචලිත වෙලා ලංකාව පුරා

ක්‍රියාත්මක වෙනවා. ඒ තුළ ෆුට්බෝල් ක්‍රීඩාව සඳහා නව තරුණ තරුණියෝ පිරිසක් ඒකරාශී වෙලා තිබෙනවා.

විශේෂයෙන්ම දෙමව්පියෝ සහ දරුවන් සම්බන්ධ වීම වැඩි වෙලා තිබෙනවා. මේ වැඩසටහන් මෙලෙස ක්‍රියාත්මක වෙද්දි සෑම මසකම අවසාන සෙනසුරාදා දිනය "ස්වෙච්ඡා දිනයක්" ලෙස නම්

කරමින් අපි වැඩසටහනක් ආරම්භ කළා. අපේ පළවෙනි ස්වේච්ඡා දිනය පසුගිය මස 27 වන සෙනසුරාදා පැවැත්වූවා. අප වෙත ලැබුණු සංඛ්‍යා ලේඛන හා තොරතුරු මත ලක්ෂයකට වැඩි තරුණ තරුණියෝ සහ දෙමව්පියෝ පිරිසක් ඒ දිනයේ ස්වෙච්ඡාවෙන් වැඩ කටයුතු කෙරුවා. ඔබේ ප්‍රදේශවලත් යෞවන සමාජවල සාමාජික සාමාජිකාවන්, අනෙකුත් තරුණ සංවිධාන, මෙන්ම විශේෂයෙන් වැඩිහිටි සංවිධාන සහ පරිසර සංවිධානත් ස්වේච්ඡා දිනයට සම්බන්ධ වුණා. මේ වනවිටත් මෙම මස අවසාන සෙනසුරාදා ස්වේච්ඡා දිනයේ කරන වැඩසටහන් ගැන ඔවුන් අප දැනුවත් කරමින් සිටිනවා."

"මෙම වැඩසටහන් ක්‍රියාත්මක වෙද්දී අපි තීරණය කළා ඇවිදීම සම්බන්ධයෙනුත් යම්කිසි වැඩසටහනක් සංවිධානය කරන්න අවශ්‍යයි කියලා. ඒ අනුව කලම්බු මැරතන් ජාත්‍යන්තර තරගය සංවිධානය කරන ලංකා ස්පෝට්ස් රයිසන් (LSR) ආයතනය සමග අපි සාකච්ඡා කරලා ෆැමිලි රන් සැටර්ඩේ (Family Run Saturday) වැඩසටහන හැදුවා. අපි තීරණය කළා අප්‍රේල් මාසේ 10 වන සෙනසුරාදා දිනයේ උදේ වරුවේ කොළඹ රේස් කෝස් පිටිය අසලින් පළමු වැඩසටහන ආරම්භ කරන්න.


ඒ තුළ අපි බලාපොරොත්තු වෙනවා පවුලේ සියලුදෙනා එකට එකතුවෙලා මේ ෆැමිලි රන් සැටඩේ කියන වැඩසටහන එක්ක එකතු වෙයි කියලා. අපි මෙම වැඩසටහන ආරම්භ කරන්නේ කොළඹ රේස් කෝස් එකෙන් වුනත් ලංකාවේ සෑම ප්‍රදේශයකම අයට හැකියාව තිබෙනවා තමන්ගේ ප්‍රදේශයේ මෙම වැඩසටහන සංවිධානය කරගෙන තමන්ගේ දරුවෝ එක්ක මෙය ආරම්භ කරන්න.

අපි ක්‍රියාශීලී දිවි පෙවෙතක් ගැන කතා කරනකොට වැඩිහිටියන්ට වගකීමක් තියෙනවා අඩු වයසෙදී ම දරුවන්ව ක්‍රීයාශීලීත්වයට පුරුදු කරන්න. ස්වේච්ඡා දිනයෙන් අපි බලාපොරොත්තු

වෙන්නේ සමාජයේ වගකීම ඉටු කරන තරුණ පරපුරක් බිහි කරන්න. මෙම වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වෙනවා දරුවෙක් කුඩා කාලෙදීම ක්‍රියාශීලී දරුවෙක් බවට පත් කරන්න. ඔහු ක්‍රීඩාවට නැඹුරු වෙනවා. විනය ගරුක වෙනවා. දෙමාපියන් හා දරුවන් අතර තිබෙන සබැදියාව වැඩි කරන්නත් මෙම වැඩසටහන මහෝපකාරී වෙයි කියලා විශ්වාස කරනවා. අපි දන්නවා දැන් තිබෙන සමාජ පරිසරයත් එක්ක දෙමාපියන් ඉතාම කාර්යය බහුල දිවිපෙවෙතක් ගත කරන්නේ කියලා.

අපි බලාපොරොත්තු වෙනවා දෙමාපියන්ට තමන්ගේ දරුවන් එක්ක සතියේ එක් දිනක අවම වශයෙන් පැය කිහිපයක් හරි ක්‍රියාශීලිව එක් වෙන්න අවස්ථාව ලැබෙයි කියලා. තමන්ගේ පවුලේ

අය එක්ක ඉරිදාට බයිසිකල් පදින අයට බයිසිකල් පදින්නත්, සිකුරාදාට ෆුට්බෝල් ගහන්න කැමති අයට ඒ සඳහාත් එක් වෙන්න පුලුවන්, ඒ වගේම සෙනසුරාදා දවසට තමන්ගේ දරුවන් එක්ක සුදුසු තැනකට එකතු වෙලා කිලෝ මීටර් 05 වැනි දුර ප්‍රමාණයක් ඇවිදලා අපිත් එක්ක මේ වැඩසටහනට සමගාමීව සම්බන්ධ වෙන්නත් පුලුවන්."

"ශ්‍රී ලංකා පොලීසියෙන් මේ සදහා අපිට උපරිම සහයෝගයක් ලැබෙනවා. ඒ සම්බන්ධව මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. අපේ වැඩසටහන් සඳහා පෞද්ගලික අංශයෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. අපි රාජ්‍ය අංශයත්, පෞද්ගලික අංශයත් එකට එකතු වෙලා ශක්තිමත් ලෙස මෙවැනි වැඩසටහන් රැසක් ජනතාව අතරට ගෙනියන්න අවශ්‍යයි.

ඒ සඳහා උදව් උපකාර කරන සියලුදෙනාට මම කෘතඥතාව පල කරනවා. අපේ ඉලක්කය තමයි දකුණු ආසියාවේ ක්‍රියාශීලීම රට බවට අපේ රට පත්කරන එක. ඒ ඉලක්කයට යන්න ඒ සඳහා මා සමග එක්වන සියලු දෙනාවම මම ගෞරවයෙන් මතක් කරනවා.

අපි අපේ රට ක්‍රියාශීලී රටක් ලෙස පත් කළ දවසට අපිට හැකි වෙනවා සෞඛ්‍ය අංශයට වැය කරන විශාල මුදල් ප්‍රමාණයක් අවම කර ගන්න. ඒ වගේම බලාපොරොත්තු වෙනවා හොඳ ජීවන රටාවක්, හොඳ පවුල් සංස්කෘතියක් අපේ රටේ නැවත වතාවක් ඉස්මතු කරන්න. මම නැවත වතාවක් කියන වචනය භාවිතා කලේ අතීතයේ අපේ රටේ එවැනි ජීවන රටාවක් තිබුණ නිසා.

"අපි ගෞරවයෙන් ආරාධනා කරනවා ෆැමිලි රන් සැටර්ඩේ (Family Run Saturday) වැඩසටහනට සහභාගීවෙන්න බලාපොරොත්තුවෙන් සිටින සියලුදෙනාටම අප්‍රේල් මාසේ 10 වන සෙනසුරාදා උදේ 6.00 වෙනකොට ‍කොළඹ තුරඟ තරග පිටියට (Race Course Ground) එන්න කියලා. ඒ තුළ අපිට හැකියාව ලැබෙයි ඉතා සාර්ථක ලෙස පළමු දිනය සංවිධානය කරන්න. අනතුරුව සෑම සෙනසුරාදා දිනකම උදෑසන මෙම වැඩසටහන පැවැත්වෙනවා. ඊට සමගාමීව අනෙකුත් ප්‍රදේශවලත් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න අපි සැළසුම් කරල තිබෙනවා." මෙම මාධ්‍ය හමුවට ලංකා ස්පෝට්ස් රයිසන් (LSR) ආයතනයේ සභාපති තිලක් වීරරත්න, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් ඒකනායක, කුරුදුවත්ත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරාජ් අබේසිංහ, බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර යන මහත්වරු සහභාගී වූහ.

 

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ක්‍රියාශීලීම රට බවට පත්කිරීම ඉලක්කයයි - අමාත්‍ය නාමල් රාජපක්ෂ
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ක්‍රියාශීලීම රට බවට පත්කිරීම ඉලක්කයයි - අමාත්‍ය නාමල් රාජපක්ෂ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjolBH7zNU6VEv1E75V_BmAzIIafJrj7ssaZh0pLeo-k7FRzN0_LF7gtbm05ILXaeC66j0qxz_gOsXfH6CrGj_RnEQbLrSENy_J9Ut3ZSw4LzcdtL-6u-QeOTUw3r76gdFitvMqvu8DmSI/s16000/image.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjolBH7zNU6VEv1E75V_BmAzIIafJrj7ssaZh0pLeo-k7FRzN0_LF7gtbm05ILXaeC66j0qxz_gOsXfH6CrGj_RnEQbLrSENy_J9Ut3ZSw4LzcdtL-6u-QeOTUw3r76gdFitvMqvu8DmSI/s72-c/image.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/04/Namal-rajapakshe-said-.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/04/Namal-rajapakshe-said-.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content