Header Ads

උණුසුම් පුවත්

මහපොළට කෝටි 164ක අලාභයක්


මහපොළ භාරකාර අරමුදල ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සීමිත සමාගම සමග 2003 වසරේදී එළඹි ගිවිසුම අනුව එම අරමුදලට රුපියල් කෝටි 164කට වැඩි ප්‍රතිලාභයක් ලැබීමට නියමිතව තිබුණත් එවකට එහි භාරකාර මණ්ඩලය ගත් වැරදි තීරණ නිසා එම ප්‍රතිලාභය අහිමි වී ඇතැයි කෝප් කමිටුවේදී හෙළිව තිබෙනවා.  

එහි සභාපති මහාචාර්ය චරිත හේරත් පාර්ලිමේන්තුවට මේ සම්බන්ධයෙන් ඊයේ වාර්තාවක් ද ඉදිරිපත් කරනු ලැබුවා. 

මෙම ප්‍රතිලාභ අහිමිවීම සම්බන්ධයෙන්  එවකට කළමනාකාරීත්වය වගකිව යුතු බව විගනකාධිපතිවරයා සදහන් කර ඇතැයි කෝප් කමිටු සභාපතිවරයා කියා සිටියා. 

මහපොළ පනතේ 3 වන වගන්තිය ප්‍රකාරව මහපොළ අරමුදල පිළිබදව පරිපාලනය , කළමනාකරණය හා පාලනය එහි භාරකාර මණ්ඩලයට පැවරී තිබුණ ද එම මණ්ඩලය 2003 වසරේ සිට 2014 වසර දක්වා වූ කාලයේදී අරමුදලට වාසිදායක  ලෙස සහ පළපුරුදු ලෙස තීරණ ගෙන තිබුණේ නැහැ.  මේ හේතුවෙන් බරපතල මූල්‍ය සහ මූල්‍යමය පාඩුවක් සිදුවී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.