Header Ads

උණුසුම් පුවත්

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි


බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණගේ ස්වාමි පුරුෂයා වන පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ බව ලන්ඩනයේ බකිංහැම් රජ මාලිගය නිවේදනය කළා.  පසුගිය කෙටි කාලය තුළ තරමක අසනීප තත්වයෙන් පසුවූ පිලිප් කුමරු හෙවත් එඩින්බරෝහි ආදිපාදවරයා මියයන විට 99 වන වියෙහි පසුවුනා.

ලොව පුරා ව්‍යාප්ත වූ කොවිඩ් 19 වෛරසය ද ආසාදනය වූ පිලිප් කුමරු මීට මසකට පමණ පෙර හෘද සැත්කමකට පවා මුහුණදුන්නා. 

එහිදී ඇතිවූ සංකූලතාවක් හේතුවෙන් ඔහු දින 28කට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.