පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ජුලි 14 වන දා තෙක් අත්අඩංගුවට ගැනීමක් සිදුනොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ, තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස මන්ත්‍රීවරයා ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදියි.
එස්. තුරෙයිරාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැදවනු ලැබූ අතර, පෙත්සම සලකා බැලීම ජුලි 14 තෙක් කල් තැබුවා.
මුස්ලිම් අන්තවාදීන් විසින් 2019 අප්‍රේල් 21 වන දින එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරය පිළිබදව දැනුවත් වී සිටියදීත් ඒ සම්බන්ධයෙන් නිසි බලධාරීන් දැනුවත් නොකිරීම ඇතුළු චෝදනා නගා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමාව අත්ඩංගුවට ගැනීමේ උත්සහයක් පවතින බව පවසමින් එය වළක්වන ලෙස ඉල්ලමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙම පෙත්සම ගොනු කර තිබුණේ.




