දැනට රට පුරා ව්‍යාප්ත වන කොවිඩ් -19 තෙවන රැල්ල හේතුවෙන් කොවිඩ් ආසාදනය වී අසාධ්‍ය වන රෝගීන්ට හදිසි ප්‍රතිකාර සේවාවන් ලබාදීමට ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ (KDU) දැඩි සත්කාර සේවා ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව, ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ (KDU) දැඩි සත්කාර ඒකක 03 ක් කොවිඩ් රෝගීන්ගේ දැඩි සත්කාරක සේවා සදහා වෙන් කිරීමටත්, මෙම ඒකක තුළ ICU ඇඳන් 24 ක් සහ High Dependency Beds (HDU ඇඳන්) 12 ක් ස්ථාපිත කොට Hi-flow ඔක්සිජන් ඇතුළු සියලු පහසුකම් ලබාදීමටත් පියවර ගෙන ඇති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළා.
මෙම කටයුතු සොයාබැලීම සඳහා වන්නිආරච්චි මහත්මිය ඊයේ (29) රාත්‍රියේ ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ විශේෂ නිරික්ෂණ චාරිකාවක ද නිරත වූවාය.
නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව පැවැති විශේෂ සාකච්ඡාවේ දී මෙම දැඩි සත්කාර ඒකකය පවත්වාගෙන යාම සඳහා අවශ්‍යවන වෛද්‍යවරු 30 ක්, හෙදියන් 80 ක්, කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් 25 ක් කඩිනමින් අනුයුක්ත කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඇය විසින් උපදෙස් දී තිබේ.




