කොවිඩ් නීති ගණන් නොගෙන සාප්පු සවාරි යන සුළු පිරිසකගේ හැසිරීම කනගාටුදායක බවත් ජනතාව මේ ආකාරයට හිතුමතේ කටයුතු කළහොත් ලබන මැයි මාසයේ දී නරක ප්‍රතිඵල භුක්ති විදීමට සිදුවනු ඇති බවත් කොවිඩ් - 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
බොහෝ ජනතාව බුද්ධිමත් ආකාරයට කටයුතු කිරීම නිසාත් ජනතාවගෙන් ලැබුණු ඉහළ සහයෝගය නිසා කෝවිඩ් ව්‍යාප්තිය සැලකියයුතු ලෙස පාලනය කර ගැනීමට හැකි වූ බව කී ශවේන්ද්‍ර සිල්වා මහතා කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව දිනකට 200කට අවම මට්ටමින් පවත්වාගෙන යෑමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව ද සඳහන් කරයි.
අවුරුදු සමයේදී කෝවිඩ් නීති අනුගමනය නොකර හැසිරුණහොත් වෙසක් උත්සවය සැමරිය නොහැකි වනු ඇතැයි ද යුද හමුදාපතිවරයා කියයි.