හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කර තිබේ. විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වේ.
හෙක්ටයාර 23,746ක භූමි ප්‍රමාණයකින් යුතු ප්‍රදේශයක් එම වනඅලි කළමණාකරණ රක්ෂිතය ලෙස නම් කර ඇති අතර එම භූමියේ පිහිටා ඇති හෙක්ටයාර 866 කින් යුත් ගුවන් තොටුපොළ ලෙස නම්කර ඇති භූමි ප්‍රමාණය ඉන් ඉවත් කර තිබේ.
හම්බන්තොට, මොනරාගල යන දිස්ත්‍රික්කවලට අයත් හම්බන්තොට, සූරියවැව, ලුණුගම්වෙහෙර සහ තණමල්විල යන ප්‍රදේශීය කොට්ඨාස තුළ එම වනඅලි කළමණාකරණ රක්ෂිත ප්‍රදේශය පිහිටා ඇති බව අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වේ.
හම්බන්තොට වනඅලි කළමණාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලා සූරිය වැව ප්‍රදේශවේ ගොවීන් පිරිසක් දින 86ක සිට සත්‍රයක් ග්‍රහයක නිරත වේ.
මිට පෙර අවස්තාථා කිහිපයකදී ගොවීන් පිරිසක් මාරාන්තික උපවාසයකද නිරත විය.