ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් රාජගිරිය - කෝට්ටේ පාරේ පිහිටි සුරාබදු මූලස්ථානයේ නිලධාරීන් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබවට තහවුරුවී තිබෙනවා.
ඒ හේතුවෙන් 19 13 කෙටි දුරකථන අංකය සහිත සුරාබදු මෙහෙයුම් මැදිරිය දින 14 ක් දක්වා වසා තබා එහි කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට යොමුවී ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
කෙසේ වෙතත් එම මෙහෙයුම් මැදිරිය වසා තැබුණද ජනතාවට පැමිණිලි සහ තොරතුරු ලබාදීම සඳහා වෙනත් දුරකථන අංක කිහිපයක් හඳුන්වාදී තිබෙනවා.
ඒ අනුව 071 63 45 291, 071 310 85 07 සහ 071 812 23 33 යන අංක වෙත තොරතුරු ලබාදීමේ හැකියාව පවතින බව සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන්.