ඊයේ දිනය තුළ විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 70 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් ලෙස හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.
ඊයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් 281 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හඳුනාගැණුනු අතර තවත් 06 දෙනෙකු බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන තිබෙනවා.
වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 63 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 50 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද 41 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද හඳුනාගෙන ඇත.
අනෙක් ආසාදිතයින් 133 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.