Header Ads

උණුසුම් පුවත්

අධිවේගී මාර්ග ආශ්‍රිතව අදත් පොලිස් මෙහෙයුම්


මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පොලීසිය, අධිවේගී මාර්ග ආශ්‍ර්‍රිතව අද (19) දිනයේත් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා. අවුරුදු නිවාඩුවට ගම් බිම් බලා ගොස් නැවත කොළඹට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයි සදහන් කළා.