ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද දෙවැනි දිනටත් පැවැත්විය.
අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් අද තරගය නතර කරන විට ශ්‍රී ලංකාව පළමු ඉනිමට කඩුලු 6 ක් දැවී ලකුණු සංඛ්‍යාව 469ක් ලබා සිටියේය.
අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 291ක් රැස් කරගෙන සිටියේය.
දිනයේ පළමු කඩුල්ල ලෙස ලහිරු තිරිමාන්න පිටියෙන් ඉවත් වූයේ ලකුණු 140කටයි.
ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා අඩු ලකුණු සංඛ්‍යාවකට පිටියෙන් ඉවත් විය.
ඕෂධ ප්‍රනාන්දු සමග එක් වූ පැතුම් නිස්සංක, ශ්‍රී ලංකා පස්වැනි කඩුල්ලට ලකුණු 54ක සබඳතාවක් ගොඩනැංවිය.
නිස්සංක රැස් කළ ලකුණු සංඛ්‍යාව 30කි.
සිව් වැනි අර්ධ ශතකය වාර්තා කළ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 81ක් ලබා ගත්තේය.
නිරෝෂන් දික්වැල්ල 18 වැනි අර්ධ ශතකය වාර්තා කළේය.
ටස්කින් අහමඩ් කඩුලු 3 ක් දවා ගැනීමට සමත් විය.




