කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් සහ තුවාල ලැබූ පුද්ගලයින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහිව මේ වනවිට නඩු 182 ක් පවරා තිබෙනවා.
මීගමුව දිසා අධිකරණයේ මෙම නඩු පවරා ඇති අතර, මිලියන දෙකේ සිට මිලියන 25 දක්වා වන්දි ඉල්ලා ගොනුකළ නඩු ද මේ වනවා. හිටපු ජනාධිපතිවරයාට අමතරව, පෙත්සම් මගින් වගඋත්තකරුවන් ලෙස නම් කර ඇත්තේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ නීතිපතිවරයායි.
ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබී තිබියදී නිසි ක්‍රියාමාර්ග ගැනීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බව අදාළ පෙත්සම් මගින් දක්වා තිබෙනවා.




