විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබද කරන ලද අසත්‍ය ප්‍රකාශයන් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිඅරච්චි මහත්මිය විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලදි.
“සෞඛ්‍ය අමාත්‍යාංශය, කොරෝනා මර්දනය පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකාය සහ රජය ඉතාම වෙහෙස මහන්සිවෙලා කටයුතු කරලා අද වන විට කොවිඩ් - 19 මර්දනය කිරීමේ කටයුත්ත අපි සාර්ථකව සිදු කරනු ලබනවා. කොවිඩ් - 19 සම්බන්ධයෙන් අද ලෝකයේ 03 වන රැල්ලක් මතුවෙලා තිබෙනවා. අසල්වැසි ඉන්දියාවේ දිනකට ලක්ෂ 02 වැනි රෝගීන් සංඛ්‍යාවක් දෛනිකව හමුවෙනවා. මිලියන ගණනක් ලෝකය පුරා මරණයට පත් වෙනවා. අපේ කළාපයේ සියයට 63 ක කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක් තිබෙනවා. ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය වැනි සෑම රටකම සීඝ්‍රයෙන් කොවිඩ් වෛරසය වර්ධනය වෙනවා. මරණ සංඛ්‍යාව ඉහළ යනවා. අපි වෙහෙස මහන්සිවෙලා කටයුතු කරන නිසා අද ලංකාවේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව ඉතාම අවම කර ගැනීමට හැකිව තිබෙනවා. ප්‍රතිකාර ලබා සුවපත් වෙලා ගම්බිම් බලා යන පිරිස ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස අප කටයුතු කරගෙන යන විට එසේ කටයුතු නොකරන බව පැවැසීම ඉතාම අසත්‍ය චෝදනාවක්. අපට මතකයි විපක්ෂය ඔය ආකාරයෙන්ම චෝදනා කළා කොවිඩ් - 19 සම්බන්ධයෙන් අපේ එන්නත්කරණ වැඩසටහන අසාර්ථකයි කියලා. අපි එන්නත්කරන වැඩසටහනත් සාර්ථකව සිදුකරගෙන යනු ලබනවා.”