Header Ads

උණුසුම් පුවත්

තංගල්ලේ සුද්දා මීගමුවේදී කොටුවෙයි


ඝාතන සිද්ධි රැසකට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයෙකු වන ලොකුගේ ලසන්ත ප්‍රදීප් හෙවත් තංගල්ලේ සුද්දා මීගමුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය ඊයේ එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

39 වියේ පසුවන සැකකරු හොරණ ප්‍රදේශයේ පදිංචි කරුවෛක් වන අතර  සැකකරුට මාතර - මිරිස්ස ප්‍රදේශයේදී අමිල ප්‍රසන්න හෙට්ටිහේවා හෙවත් සන්ෂයින් සුද්දා ඝාතනයට තැත් කිරීම, 2006 - 2007 වසරවල මාතර ප්‍රදේශයේ පුද්ගලයින් කිහිපදෙනෙකු ඝාතනය කිරීම ඇතුලු චෝදනා රැසක් එල්ලවී තිබෙනවා.