ජෛව විවිධත්වය හා බැඳුනු සාම්ප්‍රදායික දැනුම හා ව්‍යවහාරය පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කරයි


ශ්‍රීලංකාවේ ජෛව විවිධත්වය හා බැඳුනු සාම්ප්‍රධායික දැනුම හා ව්‍යවහාරය පිළිබඳ වන ජාතික ප්‍රතිපත්තිය හා උපාය මාර්ග ප්‍රකාශනය පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දීම ඊ්යේ (08) දින සිදු කරනු ලැබීය.

පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය විසින් මෙම ප්‍රතිපත්තිය සකස් කරන ලද අතර එම ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා පද්මා අබේකෝන් මහත්මිය විසින් එම ප්‍රතිපත්තිය අමාත්‍යවරයා වෙත බාර දුන්නේය. මේ සම්බන්ධව පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාව අමතමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකාව යනු වසර 2500කටත් වඩා ඈත අතීතයට විහිදෙන ඉතිහාසයක් සහිත රටක්. එම දීර්ඝ කාලයේ පටන්ම අපේ රටේ ජනතාව භාවිතා කළ සාම්ප්‍රධායික දැනුම අදත් අපේ රටේ භාවිතා වෙනවා. නමුත් බොහෝ දෙනෙක් අද මෙම සාම්ප්‍රධායික දැනුම අනුගමනය කරන්නට කැමැති නැහැ. විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරාව සාම්ප්‍රධායික දැනුම විද්‍යාත්මක නැහැ කියළා ප්‍රතික්ෂේප කරනවා.

නමුත් විද්‍යාව හා නව තාක්ෂණය ලෙස අප හඳුන්වන කාරණා වල දී මම හිතන්නේ අපේ සාම්ප්‍රදායික ඥානය හා දැනුම නවීන විද්‍යාවට වඩා ඉදිරියෙන් සිටින අවස්ථා තිබෙනවා. මම මේ සම්බන්ධව විවාදයක් මතු කරන්නේ නැහැ. නමුත් පාරම්පරිකව පැවැත ගෙන ආ එම දැනුම අපේ සංස්කෘතිකමය අයිතියක් බව කිව යුතුයි.

ඒ නිසා තමයි අපි විශේෂයෙන් ජෛව විවිධත්වය හා බැඳුනු සාම්ප්‍රධායික දැනුම හා ව්‍යවහාරය සම්බන්ධව මෙම ජාතික ප්‍රතිපත්තිය හා උපාය මාර්ග ප්‍රකාශයට පත් කළේ. ඒ සම්බන්ධව මම අපේ අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාටත්, අධ්‍යක්ෂිකා පද්මා අබේකෝන් මහත්මියටත් ස්තුතිය පළ කරනවා. ජෛව විවිධත්වය හා බැඳුනු පාරම්පරික දැනුම අපි අංශ කිහිපයක දී භාවිතා කරනවා. කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය වැනි අංශ කිහිපයක දී තවමත් ඒවා භාවිතා වනවා. මෙම ප්‍රතිපත්තිය යටතේ එක් අභිමතාර්ථයක් හා ප්‍රතිපත්ති 07ක් යටතේ මෙම නව ප්‍රකාශනය සකස් කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී පරිසර විනාශ කරන පුද්ගලයින්හා මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව ද අමාත්‍යවරයා අදහස් පළ කළේය. පරිසර හානියට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකුට නිදහසේ ඒවා සිදු කරන්න අපි ඉඩ දෙන්නේ නෑ. රජය වශයෙන් දැනට වාර්තා වන සියලු සිදුවීම් සම්බන්ධව වගකිව යුතු පුද්ගලයින් අත් අඩංගුවට ගෙන හා නඩු පවරා තිබෙනවා. මෙම වසරේ මේ වන තුරු පුද්ගලයින් 300කට පමණ නඩු පවරා ඇති බව මම වගකීමෙන් කියනවා.

ඒ වගේම 2020 වසරේ වනාන්තර හානි කිරීම් හා කැළෑ හෙළි පෙහෙළි කිරීම් 190ක් වාර්තා වෙලා තිබුනා. මේ සිදුවීම් 190ටම සම්බන්ධ පුද්ගලයින්ට නඩු පවරා තිබෙනවා. පසුගිය වසර ගණනාවම ගත් විට අපේ රටේ වනාන්තර හානි කිරීම් සම්බන්ධ ප්‍රස්ථාරය ක්‍රම ක්‍රමයෙන් ඉහළ යන තත්ත්වයක් තමයි තිබුනේ. නමුත් මම වගකීමෙන් කියනවා 2022න් පසු මේ පරිසර හානි ප්‍රස්ථාරයේ වක්‍රය ආපස්සට හරවනවා. ඒ පිළිබඳ කළ හැකි සෑම දෙයක්ම මම කරනවා.

පරිසර හානි කරන්නන්ට එරෙහිව ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නවා. සමහර විට මට විවිධ ගැටළු එයි. නමුත් ඊට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය මට තිබෙනවා. ඒ නිසා මම කියන්නේ මේ සිදුවන පරිසර හානි 2022න් පසු සිදුවෙන්නට ඉඩ තබන්නේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.


Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ජෛව විවිධත්වය හා බැඳුනු සාම්ප්‍රදායික දැනුම හා ව්‍යවහාරය පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කරයි
ජෛව විවිධත්වය හා බැඳුනු සාම්ප්‍රදායික දැනුම හා ව්‍යවහාරය පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-Adpb6QxPZHzrrcGN9Mpm7g5LsS7GRM-EGJXu409Nd8DHp2w0XiCXmTOBc5xArlxHvapivmkGaKySrXbEMby_Wa0qj9xsf01vFdZpMNqF2Iw1BHnPS9x7rGNnjXZL-5c0182LPpi5QGk/s16000/1d8c89279b395706aed16a59a8e358af_XL.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-Adpb6QxPZHzrrcGN9Mpm7g5LsS7GRM-EGJXu409Nd8DHp2w0XiCXmTOBc5xArlxHvapivmkGaKySrXbEMby_Wa0qj9xsf01vFdZpMNqF2Iw1BHnPS9x7rGNnjXZL-5c0182LPpi5QGk/s72-c/1d8c89279b395706aed16a59a8e358af_XL.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/04/enviorment-srilanka.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/04/enviorment-srilanka.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content