තමන් අධ්‍යාපනය ලැබූ පාසලේ දේපළ සොරකම් කළ පුද්ගලයකු මීරිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය අප‍්‍රියල් 13 වැනි දින දං ඕවිට ශ‍්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයේ ගෘහ විද්‍යාගාරය සහ ශ‍්‍රව්‍ය දෘශ්‍ය ඒකකය කිසියම් පුද්ගලයකු විසින් කඩා දමා එහි තිබූ වටිනා දේපළ රැසක් සොරාගෙන ගොස් ඇති බවට පොලීසියට ලද පැමිණිල්ලකට අනුව මීරීගම පොලීසිය විසින් සිදු කළ විමර්ශනයකින් පසුව සොරාගත් දේපළ සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මොහු සොරා ගන්නා ලද භාණ්ඩ අතර ශබ්ද විකාශන පද්ධතියක්, ගෑස් සිලින්ඩර් දෙකක්, ඞීවීඩි යන්ත‍්‍රයක්, පිත්තල පහනක්, ගෑස් ලිපක් ද වේ.
දංඕවිට කලූකන්ද ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන මෙම පුද්ගලයාගේ නිවසේ සාලයේ සහ මුළුතැන්ගෙයි මෙම සොරාගත් භාණ්ඩ සඟවා තිබූ බව පොලීසිය පවසයි. සැකකරු පුද්ගලික ආයතනයක රැකියාව කරන අතර ඔහුගේ වැටුප ඔහු ලබාගෙන ඇති ණය සඳහා හිලව් වන නිසා ඔහුට ජීවත්වීමට අවශ්‍ය කරන මුදල් සපයා ගැනීම සඳහා මෙම සොරකම සිදු කළ බව ඔහු පොලිසියට පවසා ඇත.




