සම්බා සහල් කිලෝවක්,
නාඩු සහල් කිලෝවක්,
පිටි කිලෝවක්,
ඕස්ට්‍රේලියන් රතු පරිප්පු කිලෝ එකක්,
තායි හාල්මැස්සන් ග්‍රෑම් 200ක්,
සුදු සීනි කිලෝවක්,
රජයේ කාර්මික තාක්ෂණ ආයතනය විසින් නිෂ්පාදිත විෂබීජ නාශක දෑත් සෝදන දියර මිලිලීටර් 50ක්,
තේ අලෙවි මණ්ඩලයේ සහතිකය සහිත තේ ග්‍රෑම් 100ක්,
සෝයා ග්‍රෑම් 50ක්,
කෑලි මිරිස් ග්‍රෑම් 100ක්
යන භාණ්ඩ වර්ග රුපියල් දහසක මුදලකට දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් ජාලය හරහා ලබා ගත හැක.
රුපියල් දහසක මුදලකට මෙම සහන මල්ල ලබා ගන්නා පාරිභෝගික ජනතාවට ජාතික කිරි මණ්ඩලයේ නිෂ්පාදනයක් වන හයිලන්ඩ් කිරිපිටි පැකට් 1ක් වෙළෙඳපොල පවත්නා මිළට වඩා අඩු මිළකට ලබා ගැනීමේ අවස්ථාව සලසා ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදීත ඒ අනුව සහන මල්ල ලබා ගන්නා පාරිභෝගිකයාට පමණක් සතොස හරහා මෙම සහනය සැලසෙනු ඇත.
එමෙන්ම මෙම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හා ආචාර්යවරුන් කණ්ඩායමක් විසින් නිපදවන ලද ලොව ප්‍රථම RESPIRONE NANO AV99 - නැනෝ තාක්ෂණික මුහුණු ආවරණය ඊයේ දින සතොස අලෙවිසැල් ජාලය හරහා ලබා ගැනීමට මුහුණු ආවරණ ලක්ෂයක ප්‍රමාණයක් නිකුත් කරන ලද බවත් පැය 24ක් ගත වීමට ප්‍රථම එම නැනෝ තාක්ෂණික මුහුණු ආවරණ ලක්ෂයක ප්‍රමාණයම අලෙවි වි ඇති බව ද ප්‍රකාශ කළේය.






