දේශීය සංචාරකයන් බහුලව පැමිණෙන නාඋල ප‍්‍රදේශයේ සංචාරක ස්ථාන වෙත නැවත දැනුම්දෙනතුරු පැමිණීමෙන් වැළකී සිටින්නැයි නාඋල ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා ඉල්ලා සිටියි. ප‍්‍රකට සංචාරක ගමනාන්තයක් වූ අවුඩැල්ල අමුන ප‍්‍රදේශය දැනටමත් හුදකලා කර ඇති අතර එම ප‍්‍රදේශයෙන් 28 වන දා දහවල් වන විට කොවිඞ් ආසාධිතයන් 20 දෙනෙකු හමුවී තිබේ. ආශ‍්‍රිතයන් රැසක්ද හමුවී තිබේ.
ඓතිහාසික නාලන්දා ගෙඩිගේ, ඕපල්ගල දිය ඇල්ල, නාලන්දා ජලාශය, බෝවතැන්න ජලාශය, අරංගල පර්වතය, වෑමැඩිල්ල, මොරගහකන්ද යන ප‍්‍රදේශවල සති අන්තයන්හි සහ නිවාඩු දිනයන්හි සංචාරක පිරිස් බහුලව ගැවසෙති. නාඋල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් 28 වැනිදා වන විට වාර්තාවන සමස්ත කොවිඞ් ආසාධිතයන් සංඛ්‍යාව 120 දක්වා ඉහළ යෑමත් සමග ප‍්‍රදේශවාසීන්ගේ මෙන්ම සංචාරකයන්ගේත් ආරක්ෂාව සලකා ප‍්‍රදේශයේ ගැවසීමෙන් වැළකී සිටින්නැයි සභාපති සනත් දසනායක මහතා ඉල්ලා සිටියි.




