නුවර එළිය දිස්ත්‍රික්කයේ මේ වනවිට හුදකලා කර ඇති නො(ර්)වුඩ් පොලිස් බලප්‍රදේශයට අයත් ඉන්ජස්ට්‍රි ග්‍රාම නිලධාරි වසමෙන් සහ හැටන් පොලිස් බලප්‍රදේශයට අයත් ෆෝර්ඩයස් වත්ත ග්‍රාම නිලධාරි වසමෙන් එම ආසාදිතයින් හඳුනාගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිරවේල් ජේ. ගනේෂ් මහතා පැවසීය.
එම ප්‍රදේශවලින් මීට පෙර ආසාදිතයින් 25දෙනෙක් හමු වී ඇති අතර, එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්ගේ සිදුකළ පීසීආර් පරීක්ෂණවල දී මෙලෙස නව ආසාදිතයින් අද දිනයේ දී හඳුනාගෙන තිබේ.
මේ අතර, බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 20 දෙනෙකු ද හඳුනාගෙන ඇති බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේය.